දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න - කිරිඇල්ල
Homeප්‍රවෘත්ති

ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න - කිරිඇල්ල

PropellerAds

න ව ආණ්ඩුව බලයට පත්වී මාස 03ක් ගතවී ඇතත් ජනතාවට ලබාදුන් ලොකුම සහනය පාන් මිල රු.5කින් අඩුකිරීම පමණක් යැයි පා.ම.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය...

වැලි වලක ගිලී ළමුන් 2ක් මරුට
බඳගිරියේ තරුණයාට සහ සහෝදරයින්ට ඇප (PHOTOS)
ලෝක ළමා දින අදයි
ව ආණ්ඩුව බලයට පත්වී මාස 03ක් ගතවී ඇතත් ජනතාවට ලබාදුන් ලොකුම සහනය පාන් මිල රු.5කින් අඩුකිරීම පමණක් යැයි පා.ම.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

යහපාලන ආණ්ඩුව දුෂ්කරතා මධ්‍යයේ වුවත් ජනතාවට දැනෙන සහන රැුසක් ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මහනුවර, බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති දානමය වැඩසටහනකට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළේය. හිටපු මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් සිදුකළ සුවිශාල සේවය අගයා මන්ති‍්‍රවරයා වෙත උපහාර තිළිණයක්ද මෙහිදි පිරිනැමිනි.

අනතුරුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,

මේ රජය බලයට පත්වෙලා දැන් මාස 03කට වැඩි. මේ අය එක වැඩක් කළා. ඒ තමයි පාන් ගෙඩියක මිල රු.5කින් අඩුකළා. මේක තමයි කරපු ලොකුම කි‍්‍රයාව. ජනතාවට මතක ඇති අපේ ආණ්ඩුවේ දින 100 කාලය. අපි ඉන්ධන මිල අඩුකළා. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළා. සමෘද්ධි සහනාධාරය දෙගුණ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයක් ඇතිකළා. අපි මන්ති‍්‍රවරු 45ක් තියාගෙන තුනෙන් දෙකේ බලය අරන් ව්‍යවස්ථාවත් සංශෝධනය කළා. මේ වගේ අපි නිසි කළමණාකාරිත්වයෙන් වැඩකරලා පෙන්නුවා. ඡුන්දේ කාලේ අපි ජනතාවට කිව්වා මේක වෙනවා කියලා නමුත් විස්වාස කළේ නැහැ. අපිට මොන අමාරුකම් තිබ්බත් බඩුමිල පාලනය කරලා, වැටුප් වැඩිකරලා, පාසල් දරුවන් රක්ෂනය කරලා විශාල වැඩකොටසක් කළා. ජනතාවට වුණේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. ජනතාවට මේක දැනෙන්න ඕන. ඉදිරි මැතිවරණයේදි මේ තත්වයන්ට ජනතාව පිලිතුරු දේවි කියා අපි විස්වාස කරනවා.

මෙහිදි මාධ්‍යවේදින් විසින්, යහපාලන ආණ්ඩුව භාණ්ඩාගාරය හිස්කොට නව රජයට භාරදුන් බවට ආණ්ඩුව කරන චෝදනා පිලිබඳව විමසා සිටියා.

අපි අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් වෙන්කළා ලබන අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් සඳහා. සංවර්ධන කටයුතු, සේවක වැටුප්, ණය ආදි සිය`එ දේවල් වලට මුදල් වෙන්කරලයි අපි ආවේ. ඉතින් මේක භාණ්ඩාගාරයේ ප‍්‍රශ්ණයක් කියලයි මට හිතෙන්නේ. මොකද භාණ්ඩාගාරයේ සමහර නිලධාරින් මේ ආණ්ඩුවට තිබෙන මුදල් පෙන්නන්නේ නැහැ. ඒවා හංගනවා. රජය මේ පිළිබඳව සොයා බැලිය යුතුයි. අපි භාණ්ඩාගාරය හිස්කළානම් කොහොමද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ.

නව රජය ජිනිවා මානව හිමිකම් කොමිසම සඳහා සම අනුග‍්‍රහය දැක්වූ යෝජනාවෙන් ඉවත් වීම පිළිබඳවද විමසා සිටිමේදි ලබාදුන් පිළිතුර.

අපේ ආණ්ඩුව ජාත්‍යන්තර ප‍්‍රශ්ණවලදි ඒ අයත් එකක් සාකච්චා කරලා අපි ඒක කළමණාකරණය කරගත්තා. ඉවත් වෙන එක බොහොම ලේසි වැඩක්. ඉවත් වෙන එක නෙමෙයි කරන්න ඕන ඒ අයත් එක්ක සාකච්චා කරලා සංශෝධනය කලයුතු වගන්ති තිබෙනවානම් ඒවා ඉවත් කරගන්න කටයුතු කීරීමේ වැරැුද්දක් නැහැ. සම්පූර්ණ යෝජනාවෙන් ඉවත් වෙනවා කියන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට විරුද්ධව ගත් පියවරක් ලෙසයි සැලකෙන්නේ. ජාත්‍යන්තරය සමඟ අමනාප වුනොත් ඇතිවන ඵලවිපාක ගැන අපි කවුරුත් හොදින් දන්නවා.

මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය පිළිබඳවද මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා.

පක්ෂයේ කිසිම අවුලක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සන්ධානය පිළිගත්තා. ඒ වගේම හංසයා ලකුණ යටතේ තරඟකරන්නත් එකඟ වුණා. ඉතින් දැන් තියෙන්නේ ඒ කටයුතු නීත්‍යානුකූලව සිදුකරන එක. ලකුණ පිළිබද කිසිම ගැට`එවක් නැහැ. අපිට ලකුණු ගොඩක් තිබෙනවා. අපට ලැබෙන ආරංචි අනුව ලබන 02වනදා පාර්ලිමේන්තුව විසුරුවාහරියි. අපි හොඳ සූදානමකින් ඉන්නවා ජයග‍්‍රහණය කරන්න.

– midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න - කිරිඇල්ල
ජනතාව අපේ ආණ්ඩුව එලවලා කරගත්තේ මෝඩ වැඩක්.. දැන් ඉගුරු දී මිරිස් ගත්තා වගේ.. එන ඡන්දෙන් අපිටම යලි බලය දෙන්න - කිරිඇල්ල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHliv8FAG0M3tvIqn7ynD9gpOz2irKfnzOEmH_4mNe0atO5Uv-o1OjisSKSVKyvpsPAomupDABPxA4HcFtnwnkRZCQQ1jdb9Ana5aMY3xn8E177KEBGjCLvQMKCm0SzIEoL4LOPF2w4eNn/s320/kiriella.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHliv8FAG0M3tvIqn7ynD9gpOz2irKfnzOEmH_4mNe0atO5Uv-o1OjisSKSVKyvpsPAomupDABPxA4HcFtnwnkRZCQQ1jdb9Ana5aMY3xn8E177KEBGjCLvQMKCm0SzIEoL4LOPF2w4eNn/s72-c/kiriella.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_429.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_429.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy