පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන්වී පසුව පොලිසියට භාරවූ හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ තරුණයා, ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, රුපියල් ලක...
පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන්වී පසුව පොලිසියට භාරවූ හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ තරුණයා, ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කළේය.
එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප 02ක් නියම කළ අතර ඇපකරුවන් පවුලේ ඥාතීන් නොවිය යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එමෙන්ම හතරවන විත්තිකරු හැර අනෙක් තුන්දෙනා සෑම ඉරිදා දිනයකම පෙරවරු 9.00 ත් 12.00 ත් අතර තිස්මහාරාම පොලිසියේ පෙනී සිටිය යුතු අතර ඔවුන් හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයෙන් පිටට යන්නේ නම් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයෙන් අවසර ලබාගත යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියම කල බව අප වාර්තාකරු සඳහන් කරයි.
සිද්ධියට අදාළ නඩු විභාගය ලබන මස 26 වනදා යළි කැඳවීමට නියමිතය.
ඡායාරූප පහතින්.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS