කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්‍යාත්මක පාසල් සංකල්ප නගා සිටුවීමට අපි කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නව සංකල්ප පරිදි කුරුණෑගල දිස්ත්‍රික්ක...
හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ 2020-02-14 කුරුණෑගල බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට ප්‍රධාන ආරාධිත ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්ය
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත අතීතයේ ඉඳන්ම දක්ෂයෝ බිහි වුනා, නව නිර්මාණකරුවන් බිහිවුණා, වියතුන් බිහිවුණා. ඉදිරියටත් ඒ තත්වය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අපි ස්ථාපිත කරගන්න ඕනේ. තමුන්නාසේලා දන්නවා ඇති බණ්ඩාරනායක විද්‍යාලය කියලා මුලින්ම බිහිවුනේ අද ශ්‍රීමත් ජෝන් කොතලාවල නමින් තිබෙන මහා විද්‍යාලය.ඊට පසු එම විද්‍යාලය ජනාධිපති විද්‍යාලය වුනා, පසුව තමයි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය වුනේ. එතනින් පස්සේ කුරුණෑගලට බණ්ඩාරනායක කියලා විද්‍යාලයක් තිබුනේ නෑ. අපි අනු හතරේ ආණ්ඩුව ගන්නකොට මට විවිධ අය යෝජනා කරා කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය නැවත බණ්ඩාරනායක විද්‍යාලය නමින් නම් කරන්න කියලා. එත් මම එහෙම කරන්න ගියේ නෑ. ජෝන් කොතලාවල මහත්තයා කියන්නේ අපේ වයඹින් කුරුණෑගලින් බිහිවුණු මුල්ම අගමැතිවරයා. එතුමාට තියන ගෞරවය ආදරය අපි රැකගත යුතුයි. ඒ නිසා එතනින් නොනැවතී මේ විද්‍යාලයට බණ්ඩාරනායක කියන නම යොදන්නට මගේ මූලිකත්වයෙන් වැඩකටයුතු සකස් කළා
එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙසේද කීය. අද දරුවන්ට තාක්ෂණය ඉගෙනගන්න, උසස් අධ්‍යාපනයට යන්න විද්‍යාව කියන දේ අවශ්‍ය වෙනවා. අද වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් විදියට බිහිවෙලා රටේ නම බබලවන ශ්‍රී ලාංකිකයෝ අතීතයේ බොහොම අඩු පහසුකම් වලින් තමයි ඉගෙනීම් කටයුතු කරේ. අද තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ තාක්ෂණය අද දරුවන්ට හඳුන්වලා දීලා විද්‍යාත්මක පාසල් සංකල්පය ඇතිකර යුතුයි. එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වත්මන් අගමැතිතුමාගේ ආණ්ඩුව කාලයේ තමුන්නාන්සේලාට මතක ඇති මහින්දෝදය විද්‍යාගාර සංකල්පය බිහි කරලා ගම්බද පාසල් වලට පවා තාක්ෂණය පුළුල් ලෙස දරුවන්ට ලබාදීමට කටයුතු කරා. ලොකු පොඩි කියලා වෙනසක් නෑ. ඒ පහසුකම් අපි ලංකාවේ සෑම පාසලකටම ලබාදිය යුතුයි. විශේෂයෙන් මේ බණ්ඩාරනායක විද්‍යාලට අවශ්‍ය විද්‍යාගාර අවශ්‍යතාවය සහ අනෙකුත් සියළුම පහසුකම් ඉදිරියේදී ලබාදීමට මම කටයුතු සූදානම් කරනවා.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව සංකල්ප ක්‍රියාවලිය සමග ඉදිරියේදී ලංකාවේ සියළුම පාසල් වලට නව තාක්ෂණ පහසුකම් සහිත අධ්‍යාපන ක්‍රමයක් ඇතිවෙනවා. ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නට ජනතා නියෝජිතයන් හැටියට අපි කටයුතු කරනවා. අපි දැක්කා පහුගිය වකවානුවේ නොයෙක් අය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික නැති අන්දමින් වෙනස් කරන්නට ගිය හැටි. ඒ සියළු දේවල් ලඳ බොළඳ දේවල්වූ නිසා තමයි තමුනාන්සේලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව විශ්වාස කරලා එතුමාට ජනාධිපති වරම දුන්නේ. ඒ නිසාම එතුමා ඒ විශ්වාසය රටේ අනාගත පරපුර වෙනුවෙන් ස්ථාපිත කරාවි.
මෙම අවස්ථාවට බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති විජයානන්ද ධර්මසේන, ආචාර්ය මණ්ඩලය , අධ්‍යාපන නිලධාරීන් ,දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය
COMMENTS