දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්න නියෝග - තමන්ගේ වරදින් සිදු වූ මරණයක් වෙනත් අයෙකුගේ පිටින් දාලා
Homeප්‍රවෘත්ති

ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්න නියෝග - තමන්ගේ වරදින් සිදු වූ මරණයක් වෙනත් අයෙකුගේ පිටින් දාලා

PropellerAds

හි ටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙයරත්නම් ශ‍්‍රී රංගා ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා පොලිස් මූලස්ථානයේ ...

ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. ජනතාව මට කැමතියි.. මට ජනාධිපති වෙන්න පුළුවනි - වෙල්ගම
අස්ගිරියට, අගරදගුරුට කුඩුවෙන්න ගහන්න ඕනෑ - දඹර අමිල හිමි - (video)
කෝච් වෙනුවෙන් ගහනවා කියලා එකක් කොහෙවත් නෑ… තමන්ට ලකුණු-විකට්ගන්න බැරිනම් කවුරුවත් පලි නෑ..- මාලිංග
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙයරත්නම් ශ‍්‍රී රංගා ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය භාර අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබේ.

ඒ අතර වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමරසිරි කුමාර සේනාරත්න, වව්නියාව හිටපු පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර හා සෙට්ටිකුලම හිටපු පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජීවද සිටියි.

2011 මාර්තු 30 වැනිදා අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා පොලිස් නිලධාරියකු මරණයට පත්කිරීම හා ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම, අනතුර සම්බන්ධයෙන් අසත්‍ය ඩී වාර්තාවක් සකස් කිරීමට උපදෙස් ලබාදීම හා අනතුර ඇසින් දුටු පොලිස් නිලධාරියකුට තර්ජනය කර බොරු සාක්‍ෂි ලබාදීමට පෙළඹවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට මෙම පියවර ගැනෙනු ඇත.

ජේ. ශ‍්‍රී රංගා මන්ත්‍රීවරයා පැදවූ ලියාපදිංචි නොකළ කාර් රථය 2011.3.30 වැනිදා පස්වරු 5.00 ට පමණ වව්නියාව සෙට්ටිකුලම රෝහල ආසන්නයේ පිහිටි ගසක හැපී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි එම රථයේ වම්පස අසුනේ ගමන් කළ පොලිස් සැරයන්  පුෂ්පකුමාර මහතා මියගොස් තිබිණි.

එම රථය පදවනු ලැබුවේ මියගිය පොලිස් නිලධාරියා බවට ප‍්‍රකාශ සටහන් කොට අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එවකට වව්නියාව කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සෙට්ටිකුලම පොලිසියට උපදෙස් ලබාදී ඇති බවත් එකී උපදෙස් අනුව සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුගත් රොෂාන් සංජීව නමැති නිලධාරියා ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

එම අනතුර සිදුවන අවස්ථාවේදී ඒ ආසන්නයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ජේ. ශ‍්‍රී රංගා රිය පැදවූ බවට කිසිවකුට නොපවසන ලෙසට වව්නියාව පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ හරිස්චන්ද්‍ර බණ්ඩාර නමැත්තා තර්ජනය කර ඇති බවට ද විමර්ශනයේදී අනාවරණය කරගැනීමට සමත්වී තිබිණි.

අනතුරුට පත් මෝටර් රථය ජේ. ශ‍්‍රී රංගා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හිමි වරප‍්‍රසාද යටතේ අනතුර සිදුවීමට මාස පහකට පෙර ලබාගෙන තිබුණත් එම රථය අනතුර සිදුවන දිනය වනතෙක්ම ලියාපදිංචි නොකර තිබූ බවටද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්න නියෝග - තමන්ගේ වරදින් සිදු වූ මරණයක් වෙනත් අයෙකුගේ පිටින් දාලා
ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්න නියෝග - තමන්ගේ වරදින් සිදු වූ මරණයක් වෙනත් අයෙකුගේ පිටින් දාලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-Rud_Ftc9_ocYlNAkq2qTPpofSTpWjAUGW_KVbQcLucAu8dayAR0-I29ETWWJ_P3fXskLqTDdwE_ssZzla38gc0DALDldChw98Kym6K88KvyYINJswTNEC70whVN4PrhfiSt5AgCIa76i/s320/ranga-825x412.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-Rud_Ftc9_ocYlNAkq2qTPpofSTpWjAUGW_KVbQcLucAu8dayAR0-I29ETWWJ_P3fXskLqTDdwE_ssZzla38gc0DALDldChw98Kym6K88KvyYINJswTNEC70whVN4PrhfiSt5AgCIa76i/s72-c/ranga-825x412.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy