දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය මුදල් කෝටි 70ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි
Homeප්‍රවෘත්ති

රාජ්‍ය මුදල් කෝටි 70ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි

PropellerAds

ජා තික නිවාස සංවර්ධන අධිකාරිය භාර ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මහතා එම ආයතනය තුළ සිදු කළ අනීත්‍යනුකූල පත්වීම් 1117ක් සඳහා වැටුප් හා දීමනා ගෙවීම...

“අනේ.. මගෙ රත්තරං පුතේ මොකක්ද මේ කරගත්තේ?” - අංගොඩ ලොක්කාගේ ලොකුම ගෝලයාව අල්ලන්න ගිය STF එකට වෙච්ච දෙයක් මෙන්න (VIDEO)
පොහොට්ටුව පරාදයි – සජබ, ශ්‍රීලනිප, ජවිපෙ එකතු වෙයි
පාලි හා බෞද්ධ සරසවියේ අමානුෂික නවවදය ගැන ශිෂ්‍ය හිමිනමකගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්!
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මහතා එම ආයතනය තුළ සිදු කළ අනීත්‍යනුකූල පත්වීම් 1117ක් සඳහා වැටුප් හා දීමනා ගෙවීමෙන් ද නිවාස ගම්මාන සඳහා අනවශ්‍ය ලෙස සමරු ඵලක ඉදිකිරීමෙන් ද අවභාවිතා කර ඇති රාජ්‍ය මුදල කෝටි 70කට අධික බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවත් 2015.01.15 දින සිට
2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බවත් එකී කොමිෂන් සභා වාර්තාවේ අවසන් වෙළුමේ පළමුවැනි කාණ්ඩය උපුටා දක්වමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ‘2019 ජනාධිපතිවරණ ජානිපෙ ප්‍රචාරක මෙහෙයුම‘ පිළිබඳ කරුණු දැනුවත් කළ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ අනාවරණය කර සිටියේය.

එහිදි අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ සඳහන් කර සිටියේය.

“ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් විශේෂ මාධ්‍ය හමුවක් ලෙසයි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ. ‘2020 ගෝඨාභය නියත ජනපති’ යන තේමාව යටතේ ලියැවුණු පත්‍රිකාවක් අප සිංහල හා දෙමළ බසින් මුද්‍රණය කර තිබෙනවා. එය රැගෙන ලබන සති අන්තයේ සිට අප පක්ෂ සාමාජික සාමාජිකාවන් හා අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ගෙයින්ගෙට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එම ක්‍රියාන්විතයට මා සමඟ මෙම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පීන් වන ගයාන් වික්‍රමතිලක, අර්ජුන් කමලනාත්, උද්දික ප්‍රේමරත්න හා රජිත හිරාන් යන සහෘදයන්ට අමතරව ප්‍රවීණ හා නවක පරපුරේ කලාකරුවන් විශාල පිරිසක් ද එක්වීමට සූදානම්.

සජිත්ගේ සාපරාධී සාවද්‍ය පරිහරණය

2015 දී ජනතාව රවට්ටපු හංසයාත් අරගෙන අනෙක් පැත්තෙන් එන අපේක්ෂකයා බැරිවෙලාවත් හරි දිනුවත් අගමැති රනිල් වික්‍රමසිංහමයි. වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටියදී සිරිසේන මහත්තයා වෙනුවට වෙනත් අයකු ජනාධිපති පුටුවේ වාඩි වුණාම මේ රටේ සාමය හෝ ස්ථාවරභාවය ඇතිවන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. ඒ වගේම මේ අපේක්ෂකයා සරල, අල්පේච්ඡ ප්‍රතිරූපයක් මවා ගන්න විශාල මහන්සියක් ගන්නා බව ඔබට පෙනෙනවා ඇති. නමුත් ඔහු ඇතුළු එජාපය 2015 ජනවාරි 08 වැනිදා බලයට ගෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මඟින් මේ ‘සරල අල්පේච්ඡ ප්‍රතිරූපය’ පොඩිපට්ටම් වී තිබෙනවා. ‘2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අවසන් වෙළුම – පළමුවන කාණ්ඩය’ මගේ අතේ තිබෙනවා. (මාධ්‍ය වෙත වාර්තාව පෙන්වයි) එහි 207 පිටුවෙහි තිබෙන නිර්දේශ මඟින් පෙන්වා දෙනවා, ‘නිවාස ගම්මාන ඉදිකිරීමේදී ශිලා ඵලක, සමරු ඵලක, දිසා නාම පුවරු, ඔසු නාම පුවරු සඳහා අනවශ්‍ය ලෙස රුපියල් මිලියන 44.9ක්, ආසන්න වශයෙන් කෝටි හතරහමාරක මුදලක් වැය කිරීමට අනුමැතිය ලබා දීම තුළින්, සාපරාධී සාවද්‍ය පරිහරණය යන වරද කර තිබෙනවා’ කියා. මේ ‘සරල අල්පේච්ඡ මිනිසා’ නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනය භාර ඇමතිවරයා ලෙසයි, තමා පත්කළ සභාපති ලක්විජය සාගර පළන්සූරිය මඟින් සාපරාධී සාවද්‍ය පරිහරණය, සිදු කරවා ඇත්තේ. නිවාස ගම්මාන ඉදිකරන විට පුවරු සඳහා පමණක් වැය වූ මුදලයි මේ. පුවත්පත් දැන්වීම්, කටවුට් වැනි දේ සඳහා කළ අනවශ්‍ය වියදම මෙහිදී විමර්ශනයට ලක් වී නැහැ. මෙයා සරල පූච්චානම් කතා කීවාට, ජනතා මුදල් තමන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කරගන්න යොදා ගෙන ඇති අන්දම අද ඔප්පු වී අවසන්. මේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා යටතේ ඇති එක ආයතනයක, එක අංශයක පමණක් සිදු කළ අපරාධයක්.

‘කෝටි 64.2ක රාජ්‍ය මුදල් අවභාවිතයක්’

එම වාර්තාවේ 187 – 188 පිටු දෙස අවධානය යොමු කළාම මේ ‘සරල අල්පේච්ඡ මිනිසා’ රාජ්‍ය මුදල් අවභාවිතා කර තිබෙන ආකාරය ඉතා පැහැදිලිව දැක්වෙනවා. මෙම කොමිසමට ලැබෙන පැමිණිල්ලක් ඔවුන් විමර්ශනය කරනවා. පැමිණිල්ල ‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා, බඳවා ගැනීමට අදාළ සියලු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් දහසකට අධික සේවක සංඛ්‍යාවක් බඳවාගෙන එකී පිරිසට වැටුප් හා ප්‍රවාහන දීමනා ගෙවීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම’ යන්නයි.

මේ විමර්ශනයෙන් අනතුරුව කොමිසම ලබා දී ඇති පළමු නිර්දේශය වෙත ඔබේ අවධානය යොමු කරවනවා. ‘නිවාස සංවර්ධන අධිකාරියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, පෞද්ගලික ලේකම් අරුණ දහනායක මහතා සහ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා විසින් අනීත්‍යනුකූල ලෙස බඳවාගත් සේවකයන් 1117 දෙනෙකු සඳහා වැටුප් හා දීමනා ගෙවීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දීම හා බල කිරීම මඟින් රාජ්‍ය මුදල් 641,870,135.64ක් වැටුප් හා දීමනා ලෙස ගෙවීමට සැලැස්වීම මඟින් එකී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට සැලැස්වීමෙන් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් කළ හැකි දූෂණය නමැති වරද සිදු කිරීම’ යනුවෙන් එහි සඳහන්. දෙවැනි නිර්දේශය මගින් ඉහත පළමු නිර්දේශයේ නම් සඳහන් සජිත් ප්‍රේමදාස, අරුණ දහනායක, ලක්විජය සාගර පලන්සූරිය යන අයට නඩු පැවරීමට නිර්දේශ කරනවා. මේ රාජ්‍ය මුදල් අවභාවිත කළ ඇමතිවරයාට එරෙහිව නඩු පැවරීමට නඩුවට අදාළ සාක්ෂි ලේඛන හා ලිපිගොනු නීතිපතිතුමා වෙත හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලෙස ද එම නිර්දේශයේම සඳහන්.

අවුරුදු හතරහමාරටම එක මහජන දිනයයි

මේ ආණ්ඩුවම පත් කළ කොමිෂන් සභාවකින් තමයි මේ ‘සරල අල්පේච්ඡ අපේක්ෂකයාගේ පැටිකිරිය’ මේ විදිහට හෙළිදරව් කර ඇත්තේ. ඒ නිසා අපි එතුමාට කියනවා, ‘ඔය සරල පූච්චානම් කතාවලින් ජනතාව රවට්ටන්නේ නැතිව ඉන්න‘ කියා. තවදුරටත් බලන්න ඔබේ දෙපතුළ ගාවට එනවා කියන මේ ඇමතිවරයා කටයුතු කර තිබෙන ආකාරය. මේ ගෙවී ගිය අවුරුදු හතරහමාර තුළ සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශයේ බදාදා මහජන දිනය පවත්වා ඇත්තේ එක සැරයයි. ඒකත් පටිගත කිරීමකට අවශ්‍ය නිසයි. නිවාස අමාත්‍යාංශයේදී ජනතාවට තම දුක්ගැනවිලි කියන්න මහජන දිනයක් පවත්වපු නැති කෙනා තමයි අද ‘ඔබ දෙපතුළ ගාවට එනවා’ කියන්නේ. ඒ විතරක් නොවෙයි මේ සජිත් ප්‍රේමදාස මහතා කිසිදිනෙක රූපවාහිනී විවාදයකට තබා, තනි පුද්ගල රූපවාහිනි සංවාදයකට හෝ සහභාගී වී නැහැ. ඊට අවශ්‍ය ආත්ම ශක්තිය ඔහුට නැහැ. එවැනි වැඩසටහනක මාධ්‍යවේදියකු අසන ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැර සිටි මෙයා, දැන් දෙපතුළ ගාවට එන්න හදනවා. ඒ නිසා මේ සජිත් ප්‍රේමදාස හදමින් ඉන්නේ බොල් ප්‍රතිරූපයක් බව ඉතා පැහැදිලියි.

ඒ වගේම අපි මේ රටේ ජනතාවගෙන්, විශේෂයෙන් තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා, ‘මේ රට වෙනස් විය යුතු මොහොත උදා වී තිබෙනවා. ඒකට උවමනා වන්නේ වගකීමක් අරන් වැඩක් කරලා පෙන්නපු නායකයෙක්. කයිවාරු ගහමින් හිටපු නායකයෙක් නොවෙයි. අපේ අපේක්ෂකයා මේ රටේ බරපතලම අභියෝගය වූ යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්, ත්‍රිවිද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඉතා හොඳින් කළමනාකරණය කළ කෙනා, කොළඹ නගරය ආසියාවේ දිදුලන නගරය බවට පත් කළේ ඔහුයි. පෝස්ටරය නිසි තැන පමණක් ගහන, කුණු නිසි පරිදි බැහැර කරන ක්‍රමවේද නාගරික බල ප්‍රදේශවලට හඳුන්වා දුන්නේ ඔහුයි. එවැනි නායකත්වයකට පාර කපලා මේ රට වෙනස් කරමු’ කියා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය මුදල් කෝටි 70ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි
රාජ්‍ය මුදල් කෝටි 70ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0A0Bc1oPtdjSl_Wlx-4mX667nPsUgdKha1VZ6bh3-VxwIyQ949sIBMUvcWENwl9FL3PcAKsEa7aw1yWUwjjwYlV-aad3nyUPziEcanaw4K8TJjrO33_vx7ZTmHLnmV8mV-qGmXjCbgQVJ/s320/4545788-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0A0Bc1oPtdjSl_Wlx-4mX667nPsUgdKha1VZ6bh3-VxwIyQ949sIBMUvcWENwl9FL3PcAKsEa7aw1yWUwjjwYlV-aad3nyUPziEcanaw4K8TJjrO33_vx7ZTmHLnmV8mV-qGmXjCbgQVJ/s72-c/4545788-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy