දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත‍්‍රී එලවා ශ‍්‍රීලනිප නායක වෙන්න දයාසිරි සැලසුමක..- සියළු සංවිධායකයන්ට ලිපියකින් කියයි..
Homeප්‍රවෘත්ති

මෛත‍්‍රී එලවා ශ‍්‍රීලනිප නායක වෙන්න දයාසිරි සැලසුමක..- සියළු සංවිධායකයන්ට ලිපියකින් කියයි..

PropellerAds

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කර නායකයා වීමේ කුමන්ත්‍රණයක වත්මන් මහලේකම් දයාසිරි ජයසේකර මහ...

උසාවිය හෑල්ලු කළ පේෂල ජනපති යටතේ සභාපති පුටුවක
මාතර කොල්ලයට සැකකරුවන් ගිය මෝටර් රථය සොයා ගනී - තලගල නිවසක මාස 04ක් ඉඳලා
"දැන් මට බනිනවා - මේවා දාන්නේ නෑ" - ඔට්ටු අල්ලමින් අගමැති කියයි (VIDEO)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කර නායකයා වීමේ කුමන්ත්‍රණයක වත්මන් මහලේකම් දයාසිරි ජයසේකර මහතා නිරතව සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටු සභිකයකු චෝදනා කරයි.

විධායක කමිටු සාමාජික මොන්ටිගු සරත්චන්ද‍්‍ර මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකයන්ට ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.

”ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස ඔබ විසින් පක්ෂයට හානිදාහක ලෙස සිදු කරනු ලබන කටයුතු සහ යම් යම් ප්‍රකාශ පිළිබඳව සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෙකු ලෙස මගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය පළකරමි.

ඔබ සිදුකළ පක්ෂ ව්‍යාවස්ථා විරෝධී යම් යම් කටයුතු පිළිබඳව ඒ ඒ අවස්ථාවන්වලදී මවිසින් ලිඛිතව දැනුම් දුන්නද ලියාපදිංචි තැපෑලෙන් එවන ලද ලිපියකටවත් පිළිතුරු තබා ලිපිය ලද බව දැන්වීමට තරම් වත් අකාර්යක්ෂම ලේකම්වරයෙකු පක්ෂයේ සිටීම පිළිබඳව මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

පක්ෂයේ ලේකම්වරයා ලෙස පක්ෂ ව්‍යාවස්ථාවෙන් ඔබ වෙත පැවරී ඇති වගකීම් දිගින් දිගටම පැහැර හැර ඇති ඔබ ඔබට හිමි ව්‍යාවස්ථානුකූල බලය ඉක්මවමින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටියි.

පසුගිය ජනාධිපතිවරණයට අදාළව පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා දිනවීමට පක්ෂය කටයුතු කරන බවට මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබුවේ යැයි ඔබ පවසන තීරණය පක්ෂයේ සංවිධායකවරුන්, විධායක සහ සමස්ථ ලංකා කාරක සභිකයින් සහ පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත්පාලන ආයතනවල මහජන නියෝජිතයින් වෙත ලිඛිතව දැනුම්දීම පක්ෂ ව්‍යාවස්ථාවට අනුව ඔබ වෙත පැවරී ඇති නෛතික වගකීමකි.

එකී වගකීම හිතාමතාම හෝ නොදැනුවත්ව හෝ වෙනත් කිසියම් ඔබට පෞද්ගලික හේතුවක් නිසා හෝ ඔබ
එහෙත් පාක්ෂිකයින් නොදන්නා එකී තීරණයට එරෙහි වූ බව පවසමින් ඔබ පාක්ෂිකයින්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වයි. මෙවන් අතීශයින් වැදගත් ප්‍රතිපත්තිමය කරුණක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පමණක් තීරණය කිරීම ව්‍යාවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධීද වෙයි.

ගත වූ වසර කිහිපය තුළ පක්ෂය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් පක්ෂය රැකගත් ආසන සංවිධායකවරුන් රාශියක් ඉහත කී පක්ෂයේ තීරණයට එරෙහි වූ බවට චෝදනා කරමින් එම තනතුරුවලින් ඉවත් කළ බව ඔබ විසින් දැනුම් දී තිබේ.

” හිටන් හුටන් ” කියමින් ඔබ පක්ෂයේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ උපහාසයට හා අපහාසයට ලක්කරන කාලයේදී පමණක් නොව පක්ෂය වනසන “මහින්ද සුළඟ” ආරම්භයේ සිටම ඊට එරෙහිව පක්ෂය ශක්තිමත් කිරීමට කැපවූ බොහේ පිරිසක් ඔබගේ ගිලටිනයට හසුව ඇති බවද සිහිපත් කරමි.

කෙසේ වෙතත් ඔවුන් සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීම කිසිසේත්ම ඔබට කළ හැකි දෙයක් නොවේ. ලේකම්වරයා ලෙස ඔබ පක්ෂ ව්‍යාවස්ථාව අභිබවා කටයුතු කිරීම බරපතල වරදකි. ඔබ නීතිඥවරයෙකුද වන නිසා එම වරදේ බරපතලකම් තවත් වැඩිවෙයි.

ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සහ ඉවත් කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 (11) වගන්තිය යටතේ ඉතා පැහැදිළිවම පක්ෂයේ සභාපතිවරයාට ලබා දී තිබේ. එය එතුමන්ටද අත්හල නොහැකි හෝ පැවරිය නොහැකි බලයකි. අදාළ කාර්යයේ “පූර්ණ බලය” යන්නෙන් ගම්‍යවන්නේ එයයි.

එම බලය ඉක්මවා යමින් සභාපතිතුමන්ද නොමග යවමින් ඊනියා දේශපාලන මණ්ඩලයක තීරණයක් බව පවසමින් පක්ෂ ලේකම්වරයා ලෙස පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල විෂමාචාරයකි. එමෙන්ම ඔබ සතුටු කරන යම් යම් පුද්ගලයින්ට සංවිධායකධූර ලබාදීමට අවශ්‍ය ආසනවල සංවිධායකවරුන් මෙලෙස ඉවත් කරන බවද කියැවේ.

අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයට අදාළ පක්ෂය විසින් ගනු ලැබුවේ යැයි ඔබ මාධ්‍යයට ප්‍රකාශ කර ඇති තීන්දු තීරණ සියල්ලම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර අනීතික හා සාදාචාරවිරෝධී තීරණ වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව තීරණ කිරීම සඳහා ඔබ කැඳවා තිබූ පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටස්තර කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදිය යුතු යැයි පක්ෂයේ අනන්‍යතාවය රැකගැනීමට පක්ෂයේ අපේක්ෂකයෙකු ඒ සඳහා ඉදිරිපත් කළ යුතු යැයි ද ඊට සහභාගි වූ සංවිධායකවරුන් අතරින් සියයට 95 කටත් වැඩි පිරිසක් ලිඛිතව ප්‍රකාශ කර තිබූ බව ජනමාධ්‍ය හමුවේ ඔබම ප්‍රකාශ කරනු දුටිමි.

එසේ තිබියදී එම තීරණය අත්තනෝමතික ලෙස ඉවත දමමින් ගිවිසුමද මේ දක්වාම අඩුම තරමින් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් වෙතවත් ලබාදී නොමැති බවද දැනගතිමි. ඔබ ඇතුලු කල්ලියේ මෙම තීරණයට එරෙහි වූ පක්ෂයේ සභාපතිතුමන් එදින සිය තනතුරෙන් ඉවත් වූ බවද ජනමාධ්‍ය ඔස්සේ දැනගතිමි.

පක්ෂයේ සභාපතිවරයාද සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක තාවකාලික වැඩ බලන සභාපතිවරයෙකු පත්කර ගනිමින් මධ්‍යම කාරක සභාවේ කල්ලියක් විසින් ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී අනීතික සහ සදාචාර විරෝධී තීරණ කිසිවක් ක්‍රියාත්මක කිරීමට පාක්ෂිකයෝ කිසිවෙකුත් බැඳී නොසිටිති.

එහෙයින්ම එලෙස චෝදනා කොට පක්ෂයේ කිසිවෙකුට එරෙහිව කරන විනය පරීක්ෂණයක්ද අනීතික වන අතර එවැන්නකින් කිසිවෙකු පක්ෂයෙන් නෙරපීමට වත් ඔවුන්ගේ තනතුරු හෝ පක්ෂ සාමාජිකත්වය හෝ අහිමි කිරීමටද නොහැකිය. එසේ කළහොත් එය අධිකරණ ඉදිරියේ පක්ෂය තවදුරටත් හෑල්ලු වීමක් පමණක්ම වනු ඇත.

පක්ෂ සභාපතිවරයා ඉල්ලා අස්වූ විට ඔබ කළ යුතුව තිබුනේ වහාම පක්ෂයේ විධායක සභාවේ සහ සමස්ථ ලංකා කාරක සභාවේ හදිසි රැස්වීමක් කැඳවීමය. එහිදී පක්ෂයට ස්ථීර සභාපතිවරයෙකු පත්කර ගනිමින් උද්ගත වී ඇති තත්වය පිළිබඳ එකී රැස්වීමේදී සාකච්ඡා කර සුදුසු තීන්දු තීරණ ගැනීමය.

එහෙත් ඔබ එය මගහැර අනීතික හා ව්‍යවස්ථා විරෝධී වෙනත් කාර්යයක් සිදුකර ඇත. මෙවන් බරලතල ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට මධ්‍යම කාරක සභාවට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නැත. එය වඩාත් බරපතල වන්නේ අවුරුදු 70 කට ආසන්න ගෞරවනීය ඉතිහාසයක් හිමි අපේ පක්ෂය එදා මෙදා තුර කිසියම්ම මැතිවරණයකදී පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර මුලුමනින්ම වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකු දිනවීමට තීරණය කළ එකම අවස්ථාව හෙයිනි.

පිටට පෙනෙන්නට මෙලෙස කටයුතු කරන ඔබ මධ්‍යම කාරක සභාවේ හෝ කිසිවෙකුගේ අනුමැතියක් නොමැතිව ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2019-10-06 දින ඇප මුදල් තැන්පත් කරන බවත්, ඒ සඳහා පහසුකම් සපයන ලෙසත් දන්වමින් 2019-10-04 දිනැතිව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් වෙත ලිඛිතව දැනුම්දීමක් කරයි.

(මෙම ලිපියෙහි සහතික කළ පිටපතක් මා සතුව ඇත. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කිරීමෙන් අවශ්‍ය අයෙකුට මැතිවරණ කොමිෂන් සභාවෙන් එහි පිටපතක් ලබාගත හැකිය)

මෙවන් දෙපිටකාට්ටු වැඩ පක්ෂ ලේකම්වරයෙකුට තරම් නොවේ. මෙලෙස ඇප මුදල් තැන්පත් කිරීමෙන් ඔබ බලාපොරොත්තුව සිට ඇත්තේ අවසන් මොහොතේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හොර රහසේම ඔබ ඉදිරිපත් වීමට බව මට සිතෙයි.

කෙසේ වෙතත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද නොදැන මෙවැන්නක් කිරීම බරපතල ලෙස පක්ෂ විනය උල්ලංඝනය කිරීමකි. අවශ්‍ය නම් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා පාක්ෂිකයිනට ඉඩ කඩ ඇති බවද මගේ අදහසයි.

පක්ෂයේ තීන්දු තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේම ඉතා දැඩි ලෙස පක්ෂයේ සභාපතිවරයාත් පක්ෂයත් විවේචනය කරමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව අඩු තරමින් නිදහසට කරුණු විමසීමක්වත් නොකරන ඔබට ගම්මට්ටමින් පක්ෂය රැකගන්නා සංවිධායකවරුන් සහ පළාත්පාලන නියෝජිතයින් ඔවුන් නොදන්නා තීන්දුවක් ගැන චෝදනා කරමින් දඬුකඳේ ගැසීමට ඇති අයිතිය කුමක්ද?


ඔබ මේ සිදුකරන්නේ ඔබගේ දේශපාලන ගුරුවරයා වූ පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් මහතාගේ රහස්‍ය උපදෙස් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වල දැමීමේ කාර්යයද?

වසරක පමණ වන ඔබගේ සේවාකාලය තුළ මේ වන විටත්, ඔබ අවස්ථා කිහිපයකදීම පක්ෂ මූලස්ථානයේ සේවකයිනට කුණුහරුපයෙන් බැන වැදී ඇති බවද දැනගතිමි. එය ලේකම්වරයෙකුට තරම් වන්නේ දැයි ඔබම සිතා බැලීම වටියි. වසර 40 වන මා දන්නා මූලස්ථාන ඉතිහාසය තුළ ලේකම්වරයෙකු තියා මූලස්ථානයේ සුළු සේවකයෙකුවත් එලෙස හැසිරී ඇති බවක් මම අසා නැත්තෙමි.

ඉදිරි මහමැතිවරණයෙන්ද පක්ෂයට අන්ත පරාජයක් ලබාදෙමින් ඔබ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පරාජයේ වගකීම පක්ෂයේ සභාපතිවරයා මත පටවා පාක්ෂිකයින් රවටා පක්ෂයේ සභාපති පදවිය ඩැහැගැනීම ඔබගේ අරමුණ වී ඇති බවක්ද කණින් කොණින් අසන්නට ලැබිනි.

ඔබ නව සංවිධායකවරුන් සමග කතාබහේදී පක්ෂයේ සභාපතිවරයා උපහාසයට ලක්කරමින් පක්ෂය නැවත ගොඩනැගීමට නම් සෘජු තීන්දු තීරණ ගතහැකි ජවසම්පන්න නව තරුණ නායකත්වයක් ඊට අවශ්‍ය බවටද මතයක් ගොනගමින් සිටී.

ඔබ කෙසේ සැලසුම් කළත්, 2001 දී පක්ෂයේ රජය පරාජය කරමින් ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම් සමග එජාපයට එකතුවී 2001 දෙසැම්බර් 05 පැවති මහමැතිවරණයෙන් එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔබ හම්බන්තොට වරායේ ගල පිළිබඳ පැවසූ දේ පාක්ෂිකයින්ට අමතක නැත.

ඉන්පසු 2012 දී බැසිල් රාජපක්ෂ මහතා සමග ගිවිසුම් ගතවී ඔබ ආපසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ පක්ෂය වෙනුවෙන් දරදිය අදින ලද පාක්ෂිකයින් කපා දමා වයඹ මහ ඇමතිකම ලබා ගැනීම මිස පක්ෂයට ආදරයකින් නොවන බවද සියල්ලෝම දනිති.

කුප්‍රකට මහබැංකු මංකොල්ලයට අදාල සමාගමෙන් රුපියල් ලක්ෂ ගණනක විශාල මුදලක් ලබාගත් බව ප්‍රසිද්ධියේ පිළිගත් ඔබට හිමිවිය යුත්තේ පක්ෂයේ නායකත්වය නොව හිරගෙදරය.

ඔබට වඩා ප්‍රබල කුමන්ත්‍රණකරුවන් පක්ෂය වනසා දැමීමට මීට වඩා මහා පරිමාණයෙන් කුමන්ත්‍රණ කළද කිසිවකින් අපේ ආදරණීය පක්ෂය වනසා දැමීමට කිසිවෙකුට නොහැකිවූ බව ඔබට අවධාරණය කරමි.

එමෙන්ම පක්ෂය වෙනුවෙන් කැපවූ සංවිධායකවරුන් ඉවත් කරමින් ගම් මට්ටමින් පක්ෂය රැකගත් පළාත් පාලන නියෝජිතයින් පක්ෂයෙන් නෙරපා හරිමින් පක්ෂය වැනසීමට ඔබ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල වහාම නතර කරන ලෙස අවසන් වශයෙන් ඉතා කාරුණිකව ඉල්ලමි.”

මොන්ටේගු සරත්චන්ද්‍ර
ශ්‍රීලනිප විධායක කමිටු සභික
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත‍්‍රී එලවා ශ‍්‍රීලනිප නායක වෙන්න දයාසිරි සැලසුමක..- සියළු සංවිධායකයන්ට ලිපියකින් කියයි..
මෛත‍්‍රී එලවා ශ‍්‍රීලනිප නායක වෙන්න දයාසිරි සැලසුමක..- සියළු සංවිධායකයන්ට ලිපියකින් කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiw1bffZ8Vd7aR7RoDAUSJ3VId2AlKKJyxy-PDHXInTTt55Og0mK5A72sI4HU2dHTNL4TewY-3fm5lVVFws0eLzYAh_4ZTzrWrPAJ03I64hlAIBWj-wVfh2lnSPcltRKEeh4IMopct51ACT/s320/dayasiri-jayasekaraandmy3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiw1bffZ8Vd7aR7RoDAUSJ3VId2AlKKJyxy-PDHXInTTt55Og0mK5A72sI4HU2dHTNL4TewY-3fm5lVVFws0eLzYAh_4ZTzrWrPAJ03I64hlAIBWj-wVfh2lnSPcltRKEeh4IMopct51ACT/s72-c/dayasiri-jayasekaraandmy3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_347.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_347.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy