පසුගියදා මාතර ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් පලා ගිය මෝටර් රථයක් සහ ඔවුන් රැඳී සිටි නිවස අද (02) අලුයම සොයාගත් බව පොලීසිය ප...
පසුගියදා මාතර ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් පලා ගිය මෝටර් රථයක් සහ ඔවුන් රැඳී සිටි නිවස අද (02) අලුයම සොයාගත් බව පොලීසිය පවසයි.
අදාළ මොටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.
ඒ අනුව හොරණ, මොරගහහේන තලගල භාවනා මධ්‍යස්ථානය පාරේ පිහිටි නිවසක මාස 04ක පමණ කාලයක සිට කොස්ගොඩ තාරක, මියගිය චාමර සහ කොස්ගොඩ දිල්ෂාන් නැමැති සැකකරුවන් රැඳී සිටි බවත් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය එම නිවසේ හිමිකරුගේ බිරිඳගේ මෝටර් රථය වන බවත් පොලිස් විමර්ශනවලදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද CAE 4706 දරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයෙන් මාතර කොල්ලයට සැකකරුවන් පැමිණ ඇති අතර වෙඩි වැදුණු අපරාධකරුවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේද මෙම මෝටර් රථයෙන් බව මේවන විට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද නිවෙස් හිමිකරු මීගොඩ පදිංචි මඩපාතගේ කපිල කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.
අදාළ සැකකරුවන් එම නිවසේ කුලී පදනම මත සිට ඇති අතර ඔවුන් භාවිතයට ගන්නා ලද ඡායාරූප කිහිපයක් සහ ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබේ.
කළුතර පොලීසියේ විමර්ශන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS