ලබන වසරේදී මීටත් වඩා යහපත් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් මේවාට බනින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ...
ලබන වසරේදී මීටත් වඩා යහපත් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් මේවාට බනින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර - පන්නිල - මඩොල්කැලේ ප්‍රදේශයේ ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉඩම් හා නිවාස ලබාදීමේ වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කරමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බවය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“මේ අපේ ප්‍රතිපත්තිය ඉඩම් දෙන එක. ඩි.එස්.සේනානායක කාලේ ආරම්භ කලේ. ඒක ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල ඉදිරියට ගෙනිච්චා. දැන් මේවා දානකොට මට බනිනවා. මම මොනවා කරන්නද? හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට මේවා දෙන්න බැරි වුණා නම් මම පළිද? ඔන්න ඉදිරියට යන මාර්ගය කපලා දීලා තියෙනවා. අමාරු කාලයක් තිබුණා. දැන් බලන්න ඊළඟ අවුරුද්ද වෙනකොට මීටත් වඩා හොඳට ජිවන මිල පාලනය කරලා යන්න. මම බොරු කියන්න ගියේ නැහැ. කොච්චර බැනුම් ඇහුවද මේ ටික කරවා ගන්න. මේ අවුරුද්දේ රුපියල් බිලියන 160ක් 200ක් වියදම් වෙනවා. තවත් මුදල් දෙනවා තමන්ගේ ව්‍යාපාර පටන් ගන්න. තව අවුරුදු දෙකකින් නුවර වෙනස් වෙනවා. පර්ච් එකක මිල පිටින් ලක්ෂ 20යි. කීයද වැව රවුමේ? මේවා ගැන පත්තරවල කියවනවද? මේවා ගැන මාධ්‍ය කියනවද? මේ ගැන හිරුවල තියෙනවද? මම ඔට්ටු අල්ලන්නම් මගේ කතාව අනිද්දා අර ලංකාදීපේ පාපන්දු වර්ල්කප් එක අයිනෙන් හංගලා තියයි. මේවා දාන්නේ නැහැ.”
එම වීඩියෝව පහතින්,
COMMENTS