හෝ මාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළ වී අන්තර්ජාලය ඔස්සේ රුපියල් කෝටි 3 ක මුදල් වංචා කල සැකකරුවන් තිදෙනෙ...
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළ වී අන්තර්ජාලය ඔස්සේ රුපියල් කෝටි 3 ක මුදල් වංචා කල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. එම ආයතනයේ නමින් කිරුළපන ප්‍රදේශයේ බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමකින් මුදල් වෙනත් ගිණුමකට බැර කර ගෙන ඇත.
රුපියල් මිලියන 100 ක මුදලක් නැවත විදේශිකයින් දෙදෙනෙකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට බැර කිරීමට තැත් කිරීමේ දී අදාළ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ප්‍රධානියා විසින් ජනවාරි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර එදින දී කොළඹ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සොරාගත් මුදල් ඔහුට අයත් ගම්පොල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගෙන තිබේ.
සැකකරුවන් ජනවාරි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු නැවත පෙබරවාරි 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ගිණුම් හිමි විදේශිකයින් දෙදෙනා පෙබරවාරි 3 වන දින කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS