දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රවේසම්වන්න : දකුණේ වෛරස් උණක් පැතිරෙයි
Homeප්‍රවෘත්ති

ප්‍රවේසම්වන්න : දකුණේ වෛරස් උණක් පැතිරෙයි

PropellerAds

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය මාසය තුල කුඩා දරුවන් පස්දෙනෙකු මිය ගොස් ඇත්තේ ඇඩිනෝ වෛරස...

කංචන අකැමැති වුණත් තෙල් මිල අඩු කරන්න IOC කැමැත්තෙන්!
ඇමති ධුර නොලත් පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් කණස්සල්ලෙන්!
ලංකාවේ මන්දපෝෂණයක් නෑ... ඇත්තේ අධිපෝෂණය... වේලක් දෙකක් මගහැරීම ශරීරයට හොදයි - වෛද්‍ය සංගමයක් කොළඹ මාධ්‍ය හමුවක
ප්‍රවේසම්වන්න : දකුණේ වෛරස් උණක් පැතිරෙයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය මාසය තුල කුඩා දරුවන් පස්දෙනෙකු මිය ගොස් ඇත්තේ ඇඩිනෝ වෛරසයෙන් ද කියා නිශ්චිතව සදහන් කළ නොහැකි බැව් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

දැනට වෛරස් රෝගි තත්වයෙන් පෙලෙන දරුවන් පස් දෙනෙකු ළමා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. මෙකි රෝගි තත්වය පාලනය කිරීමට අරක්ෂිත උපක්‍රම රැසක් රෝහල මගින් ගෙන ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

රෝහල් අධ්‍යක්ෂකවරයා මෙකී වෛරස් තත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කිවේය.

“දරුවන් පස් දෙනා මියගිහින් තියෙන්නේ මාසයක් ඇතුලත. නැතිව දින කිහිපයක් ඇතුලත නෙවෙයි. මියගිය දරුවන් පස්දෙනා වෛරසයකින් මියගියා කියලා හරියටම කියන්න බැහැ. මියගිය දරුවන්ගේ ලේ සාම්පල කොළඹ යවලා තියෙනවා. මියගිය දරුවන් ඇඩිනෝ වෛරසයෙන්ම මිය ගියා කියලා කියන්න බැහැ. වෙනදාත් නිව්මෝනිය ආදි රෝග වලින් ළමා වාට්ටුවේ දි දරුවන් එක්කෙනෙක් දෙනෙක් මිය යනවා. ඒවාත් මේකට ඇතුලත් වෙලා තියෙනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කරලා ආරක්ෂිත පියවර රැසක් රෝහල මගින් අරන් තියෙනවා. කොළඹ වසංගත රෝග ඒකකයෙන් වෛද්‍යවරුන් පැමිණ විශේෂඥ වෛද්‍යවරු සමග මේ ගැන සාකච්ඡාවක් කළා. ආරක්ෂිත පියවර රැසක් අරගෙන තියෙනවා. රෝගී නොවන දරුවන් වාට්ටුව පැමිණෙන එක වලක්වන්න කටයුතු කරලා තියෙනවා. වාට්ටුවට බලන්න එන අයට කාඩ්පත් නිකුත් කරලා සිමා කරලා තියෙනවා. එන අත් සොදන්න පහසුකම් සපයලා තියෙනවා. මුඛ වාඩම් දැමීමටත් කටයුතු කරලා තියෙනවා. රෝගි දරුවන් වෙනුවෙන් වාට්ටුවේ වෙනම කොටසක් වෙන් කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. බෙහෙත් වර්ග සපයා ගන්න සෞඛ්‍ය අමාත්‍යංශය හරහා කටයුතු කරලා තියෙනවා. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හරහා පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරිමට කටයුතු කරලා තියෙනවා. මේක දකුණු පළාත තුල පැතිරි යන වංගතයක් කියලා කියන්න බැහැ. හම්බන්තොට මාතර වැනි ප්‍රදේශවලින් වෛරසය වැළදුණු රෝගින් වාර්තා වෙලා තියෙනවා. දැනට හත් අට දෙනෙක් තමයි රෝහලේ ඉන්නේ. වෛරස් උණ තියෙන දරුවන්වන්ද රෝහලේ ප්‍රතිකාර ලබනවා ළමා දැඩි සත්කාර ඒකකයේ වෛරසය වැළදුණු දරුවන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබනවා. දැනට පැතිර යාමේ අවදානමක් තත්වයක් නැහැ.”යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ අනිල් දිසානායක මහතාගෙන් අප කළ විමසුමකදි ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මෙය වංසගත රෝගි තත්වයක්ද කියලා මොන විෂ බීජයකින් ද කියලා හොයාගෙන යනවා. ඒ ගැන තවදුරටත් විශ්ලේෂණය කරනවා. කරාපිටිය රෝහලේ තමයි ඔය ප්‍රශ්නය තියෙන්නේ. වසංගත රෝගි තත්වයක් කියලා තවම හදුනාගෙන නැහැ. දැනට කරාපිටිය ශික්ෂණ රෝහලින් තමයි මේ ගැන වාර්තා වෙලා තියෙන්නේ.”

(ගාල්ල ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රවේසම්වන්න : දකුණේ වෛරස් උණක් පැතිරෙයි
ප්‍රවේසම්වන්න : දකුණේ වෛරස් උණක් පැතිරෙයි
http://am.lk/media/k2/items/cache/3e20a2c08be3cc8ed562b06caa417326_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_604.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_604.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy