දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 
Homeප්‍රවෘත්ති

ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 

PropellerAds

ආණ්ඩුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ සූදානමක් ඇති බව සමස්ත ලංකා ලොතරැය...

ගුටි බැට හුවමාරුවකින් පසු පොහොට්ටුවේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට
"ඔය කඩුව එජාපයට වැනුවොත් එතුමාට දේශපාලනයේ ඉදිරි ගමනක් නෑ"- සුජීවගෙන් සැර කතාවක්
ජනපති ධූර කාලය අවුරුදු පහයි
ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 

ආණ්ඩුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ සූදානමක් ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.

ලොතරැයි පතක මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා මේ බව පැවසී ය.

මේ වන විට ලොතරැයිපත් වර්ග 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වන අතර දිනකට ලොතරැයි පත් ලක්‍ෂ 45ක් පමණ අලෙවි වේ. ඉන් ආණ්ඩුවට මිලියන විස්සක් පමණ උපයන බවත් මහජන සුබසාධනය සඳහා ආරම්භ කළ ලොතරැයි පත මඟින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

හතළිස් දහසකට ආසන්න පිරිසක් ලොතරැයි පත් අලෙවි කිරීමේ නිරත වන බවත් ඔවුන් ගැනද ආණ්ඩුව සිතිය යුතු බවත් මාරඹගේ මහතා පැවසී ය.

ජාතික ලොතරැයි මණ්ඩලයෙවත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙවත් වුවමනාවට මෙවැනි තීරණ නොගන්නා බවත් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවට අනුව මෙවැනි තීරණ ගන්නා බවත් පැවසූ ඒ මහතා ආණ්ඩුව මෙම ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ අදහසක් ඇතැයි ද කියා සිටියේය.

මේ අතර රුපියල් 20ක් වන ලොතරැයි පතක මිල 2017 ජනවාරි මස 1වැනිදා සිට රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට සාපේක්ෂව තමන්ට රුපියල් 5.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.

කොටුව සම්බෝධි විහාරස්ථානයේදී පසුගියදා පැවැති එම සංගමයේ විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹි එම සංගමය තමන්ට දැනට ලැබෙන සියයට 17.50ක ප්‍රතිශතයට අනුව එකී කොමිස් මුදල ලැබිය යුතු වුවද නව මිල සංශෝධනය යටතේ වැඩි කර ඇත්තේ සත 50ක කොමිස් මුදලක් පමණක් බවද ඒ අනුව තවත් රුපියල් 1.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයිද පෙන්වා දෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජනාධිපතිවරයා ආරම්භ කළ ජාතික වකුගඩු නිවාරණ අරමුදල මඟින් ඒකාබද්ධ අරමුදල, ජනාධිපති අරමුදල ඇතුළු අවශ්‍යතා සඳහා පසුගිය වසරේදී රුපියල් බිලියන 16.97ක් රජයට ලබාදී ඇතත් 35,000ක් පමණ වන ලොතරැයි නියෝජිතයන්ගේ හා සේවකයන්ගේ අභිවෘද්ධිය උදෙසා රජය පියවර ගෙන නොමැති බවත් තමන්ට ලැබිය යුතු කොමිස් මුදල ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ අවධානය යොමු කරන බවත් එම සංගමය සඳහන් කරයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 
ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 
http://ift.tt/2inDbFj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_670.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_670.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy