තමන් ඖෂධ මිල නියාමනය කිරීමට පෙර එක්තරා පිළිකා එන්නතකින් එය නිර්දේශ කරන වෛද්‍යවරයාට රුපියල් 100,000ක් බැගින් කොමිස් මුදල් ලැබුණු බවත් වෛද්‍ය...
"පිළිකා ඖෂධයක් තිබුණා, ඒකෙ එක එන්නතක් 280,000යි. එතකොට මම බැලුවා මොකද මේක මෙච්චර ගණන් කියලා. බැලුවාම ඒ ඖෂධය ඒ වෙළඳ නාමය විතරයි. තරගයක් නෑ. ඒ ගොල්ලො කියන ගාණට ලංකාවෙ රජය මුදල් ගෙව්වා. මම ජාතික ඖෂධ නියාමන අධිකාරියට කිව්වා ලෝකෙ ඒ හා සමාන වෙනත් ඖෂධ තියෙනවාද කියලා හොයන්න කියලා. ඔවුන් ඒවා ඉදිරිපත් කළා. එතකොට අන්න ටෙන්ඩර් එකේ තරගයක් ආවා. තරගයට සහභාගී වෙනකොට ඒ බහුජාතික සමාගමේ ඖෂධ මිල ඒ ගොල්ලො 280,000 ඉඳලා 165,000කට අඩු කළා. අඩු කළේ අනිත් සමාගමත් එක්ක තරග කරන්න. එතකොට එක එන්නතකින් 115,000ක් අඩු කළා.
ඒ කියන්නෙ මෙතෙක් කල් මේ රටේ රජයන් මුදල් වියදම් කළේ ජනතාවට නෙවෙයි බෙහෙත් සමාගම්වලට. ඒ ගොල්ලො 165,000ට දෙනකොට අර දෙවැනියට ආපු කට්ටිය 144,000ට දුන්නා. එතකොට 280,000 මිල 144,000ට අඩු වුණා. මෙන්න විශාල ඝෝෂාවක් කරන්න පටන් ගත්තා ඒක බාලයි කියලා. ඒක තමා ඔය වෛද්‍ය සංගමය කියන්නෙ. දැන් අවුරුදු 5ක් මේ ඖෂධය පාවිච්චි කළා අද වෙනතුරු ඒ ඖෂධයේ කිසිම වැරැද්දක් වාර්තා කරලා නෑ. හැම විශේෂඥ වෛද්‍යවරයකුටම තියෙනවා ෆෝම් එකක් ඖෂධ අපි සැපයුවාම ඒවායේ වැරදි තියෙනවා නම් දන්වලා යවන්න. ඒ එක ෆෝම් එකක්වත් ආවෙ නෑ අවුරුදු පහටම. නරකයි කියපු විශේෂඥවරු පවා මේක කිසි වරදක් නෑ, හොඳයි කියලා පිළි අරං තියෙනවා.
නමුත් වෛද්‍ය සංගමය කියනවා මේක බාල බෙහෙතක් කියලා. ඒකෙන් දෙකක් කරනවා. එකක් තමයි රජයේ තියෙන්නෙ බාල බෙහෙත් කිව්වාම මිනිස්සු යන්නෙ පුද්ගලික අංශයේ නර්සිං හෝම්වලට. අනිත් එක මේවා පිළිබඳව වැරදි අර්ථකථනයක් දෙනවා.
මේ 280,000 වුණේ කොහොමද ඖෂධය ? මේකෙ විශේෂඥවරුන්ට ගෙව්වා එක එන්නතකට රුපියල් ලක්ෂයක්. එතකොට එයා එන්නත් 10ක් රෝගීන්ට දැම්මා නම් එයාට තියෙනවා මිලියනයක් සල්ලි, වෛද්‍ය වෘත්තියට නෙවෙයි කොමිස් මුදල විතරක්. මේක තමයි තිබුණු තත්වෙ. මේකට තමයි මම ගැහුවෙ. මේවාට ගැහුවාම එක පැත්තකින් සමාගම්වලට වදිනවා. එක පැත්තකින් ලංකාවෙ ඉන්න විශිෂ්ඨතම විශේෂඥවරුන්ට වදිනවා.
සමහරක් ඒ අය කොච්චර මේකට ඇබ්බැහි වෙලා තියෙනවාද කියනවා නම් ඔවුන් මාත් එක්ක සටනට එනවා. තවත් සමහරු ඉන්නවා හොඳ විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ට පාඩු වුණත් ඔවුන් කියනවා ඔබ කළේ හොඳ වැඩක් ඒක හින්දා අපට ඒකෙ ප්‍රශ්නයක් නෑයි කියලා" යනුවෙනුයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
COMMENTS