දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ලක්ෂණ තිබූ දඹුල්ලේ කතක් රෝහලට ගෙන එමින් සිටියදී හදිසියේ මිය ගිහින්
Homeප්‍රවෘත්ති

කොරෝනා ලක්ෂණ තිබූ දඹුල්ලේ කතක් රෝහලට ගෙන එමින් සිටියදී හදිසියේ මිය ගිහින්

PropellerAds

ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන්...

මාධ්‍යවේදී කීත් නොයාර් පහර දුන් සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ්
ඉන්දීය විදේශ ලේකම් හා ඇමති මලික් අතර හමුවක්
රතන හිමි ගැන තීරණයක් ගැනීමට හෙළ උරුමයෙන් කමිටුවක්
ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
1990 නාවුල පොලීසියට අයත් ගිලන් රථයෙන් මෙම හැත්තෑපස් හැවිරිදි කාන්තාව ඊයේ (06) දින පස්වරුවේ රැගෙනවිත් තිබෙන බවත් ඇය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටීම නිසා මෘත ශරීරාගාරය ප්‍රදේශයට ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ළං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා පැවසීය.

75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින දහයකට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙළි තිබෙන බව කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරි වරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් කාන්තාව දඹුල්ල රෝහලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගත් බව 1990 ගිලන් රථයේ සේවය කරන පිරිස පොලීසියට පැවසූහ.

අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතරමගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලීසියට පැවසූහ. නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලීසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුහ . මෙම මියගිය රෝගී කත සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතාගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් කාර්යමණ්ඩලය වහාම ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මළසිරුරු රුධිර කොටස් ලබාගැනීම සිදුකරනු ලැබීය.

දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන බවත් මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය. මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් මත සැක සිතා සියලුම පරීක්ෂණ කටයුතු ඒ මත සිට සිදුකරන බව රෝහල් බලධාරීහු පැවසූහ.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග වහාම මෙම කාන්තාව සිටින් නිවස සහ නිවසේ සිටින පුද්ගලයන් පිළිබඳව වහාම නාඋල පොලීසිය දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද සඳහන් කළේය. 1990 ගිලන් රථයේ සේවය කළ පිරිස මෙම කාන්තාවගේ නිවසට ගිය ග්‍රාම නිලධාරීවරයා සහ ඊට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව කඩිනමින් අවධානය යොමු කොට ඔවුන් සුරක්ෂිතව ආරක්ෂා කරන ලෙස පොලීසියට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ලක්ෂණ තිබූ දඹුල්ලේ කතක් රෝහලට ගෙන එමින් සිටියදී හදිසියේ මිය ගිහින්
කොරෝනා ලක්ෂණ තිබූ දඹුල්ලේ කතක් රෝහලට ගෙන එමින් සිටියදී හදිසියේ මිය ගිහින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1YYHdLBQoqiGYufafwZCW_JjZ4mmeqylHLssVxZH2vplvAjRNnwSUzPWbVyEX_XuAJR5fT6a9MjhIeUq7PoEriVDpBYipQbY3j5eIiFcBzEx2Jn7Im4zn_gqmaIsyLZEWfcKQgb1JSudP/s320/download.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1YYHdLBQoqiGYufafwZCW_JjZ4mmeqylHLssVxZH2vplvAjRNnwSUzPWbVyEX_XuAJR5fT6a9MjhIeUq7PoEriVDpBYipQbY3j5eIiFcBzEx2Jn7Im4zn_gqmaIsyLZEWfcKQgb1JSudP/s72-c/download.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy