ත මන් මුදල් ලබාගෙන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විභාග වූ ලංකා සතොස නඩුවේදී තීන්දුවට බලපෑම් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ...
තමන් මුදල් ලබාගෙන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විභාග වූ ලංකා සතොස නඩුවේදී තීන්දුවට බලපෑම් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකාරියක වූ ඈන් රොෂානි මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
2013 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී කුරුණෑගල ලංකා සතොස අලෙවිසල් තුනකින් රුපියල් මිලියන 5කට අධික භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවීමේ චෝදනාවට 2015 මැයි 5වැනි දින එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා.
අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මන්ත්‍රීවරයා පසුව මැයි මස 28 වැනි දින ඇප මත මුදාහැරුණා.
මෙම නඩුව 2018 සැප්තැම්බර් 3 වැනිදා සිට කුරුණෑගල මහාධිකරණයේදී අඛණ්ඩව විභාග කළ අතර, එම වසරේ ඔක්තෝබර් 17 දින මන්ත්‍රීවරයා නිදොස්කොට නිදහස් කිරීමට මහාධිකරණය පියවර ගත්තා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මෙම නඩුව සම්බන්ධයෙන්ද පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී පළ කළේ මෙවන් අදහසක්.
අදාළ චෝදනාව එල්ලවූ කුරුණෑගල - යන්තම්පලාව - ලංකා සතොස අලෙවිසැලේ වෙළෙඳ සේවිකා ඈන් රොෂානි මහත්මිය අද සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ අදහස් ප්‍රතික්ෂේප කළා.

COMMENTS