ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ප්‍රධාන නියෝජිතවරයා ඊයේ (07) යාපනයට පැමිණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද...
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද ප්‍රධාන නියෝජිතවරයා ඊයේ (07) යාපනයට පැමිණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා සමග උතුරේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැය තුනක කාලයක් සාකච්ඡා කොට තිබේ.
ආනන්ද සංගරී මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැති අතර මෙහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් දේශපාලනයට පිවිසීම හා ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට තිබේ.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානියා අද(08) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමුවීමටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් හමුවීමටත් කටයුතු යොදා ඇත.
දිනසේන රතුගමගේ
COMMENTS