වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මස්කට් නුවර වෙත ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නි...
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මස්කට් නුවර වෙත ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මෙයින් එක් පුද්ගලයකු 25 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහුගේ ගමන් මල්ලේ කිලෝග්රෑම් 23යි ග්රෑම් 300 ක් බර වල්ලපට්ටා තොගයක් සගවා ගෙන තිබූ අතර අනෙක් පුද්ගලයා දංඕවිට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ ගමන් මල්ලේ ද කිලෝග්රෑම් 30 යි ග්රෑම් 200 ක් බර වල්ලපට්ටා තොගයක් සගවා ගෙන තිබී ඇත. ඒවායේ මුළු වටිනාකම රුපියල් 27 ලක්ෂ 60 දහසක් බව රේගුව පවසයි .
මොවුන් දෙදෙනා ඊයේ උදෑසන 7.50 ට පමණ ඩුබායි හරහා මස්කට් නුවර වෙත ගමන් ගන්නා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 0376 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ පිටත්වීමේ පර්යන්තයේ දී ගේට්ටු අංක 03 දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
සහකාර රේගු අධිකාරීවරුන් වන පී.එන්.පී.පී.ප්‍රේමරත්න, ආර්.වයි. ජීවානන්ද , කේ .එච්.ඩී.කසුන්, ටී.ඩී.එල්.එල්.තන්තිරිවත්ත, ඩබ්ලිව්.එම්.සිල්වා, එන්.ජී.එම්.මධුභාෂණී සහ එල්.එල්. එස්.එල්.ජයසිංහ යන මහත්ම මහත්මීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
(ටී.කේ .ජී.කපිල )
COMMENTS