ම රණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහුව නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ...
මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහුව නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට පැමිණි මැති ඇමතිවරුන් පිරිසකට ජනාධිපතිවරයා බැනවැදී එළවාගෙන ඇති බව වාර්තා වේ.
පෙරේදා (08) දිනයේදී මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීමට ගොස් දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ රංජන් රාමනායක මහතාගේ හඬපට නිසා උද්ගතව ඇති තත්වය ඉතාම වාසි සහගත බැවින් මේ මොහොතේම දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙසයි.
එහෙත් මෙම යෝජනාවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මේ මොහොතේ තමන් මුහුණ දී සිටින ප්‍රශ්න තමන්ට හොඳටම ප්‍රමාණවත් බවත් නැති ප්‍රශ්න ඇති කරගැනීමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති බවත් ප්‍රකාශ කරමින් ඔවුන්ට බැනවැදී පිටව යන ලෙස නියම කළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා හමුවී පිටතට පැමිණි අදාළ මැති ඇමති කණ්ඩායම යළි සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙම යෝජනාව නැවත වතාවක් වෙනත් අවස්ථාවකදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයැයි එකඟතාවකට පැමිණ ඇති බව ද වාර්තා විය.
-lankanewsweb

COMMENTS