ආණ්ඩුවට සහාය ලබා දෙන ඇතැම් පක්ෂවලට අධිපති මතවාදයට යටවෙන්න සිටි වී ඇති බව ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ගෝටාබය රාජපක්ෂ ජන...
ආණ්ඩුවට සහාය ලබා දෙන ඇතැම් පක්ෂවලට අධිපති මතවාදයට යටවෙන්න සිටි වී ඇති බව ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමටත් ඉන් අනතුරුව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා දීමටත් සහාය ලබා දුන් පක්ෂවලට අඩු සැලකිලි ලබා දෙන බවද දයාසිරි ජයසේකර මහතා පවසයි.
“ආණ්ඩුවට සහාය ලබා දෙන පක්ෂ හයවෙනි වතාවටයි මේ රැස් වුනේ. අපි මුල්ම රැස්වීම තිබ්බේ විමල් වීරවංස ඇමති තුමාගේ නිවසේ. ගෝටාබය මහත්තයා පත් කරන්නත් ආණ්ඩුවට තුනෙන් දෙක ගන්නත් උදව් කළේ මේ පක්ෂ. දැන් අපිට අඩු සැලකිලි. මේ ප්‍රශ්නය විසඳෙන තුරු මම මේක හැම තැනම කියනවා” ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ වනවිට ආණ්ඩුවේ පක්ෂ අතර මත භේදයක් ඇති වී තිබෙන අතර හවුල්කාර පක්ෂ එකොළහක් පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා… “ඕනෑම පක්ෂයකට තවත් පක්ෂ සමග සාකච්ඡා කරන්න පුළුවන්. හොරෙන් හොරෙන් වෙස්මුහුණු බැන්දට නටන්න වෙන්නෙ එළියෙ. අපි හැම වෙලාවෙම එළියෙ ඉන්නේ. පොදුජන පෙරමුණ මොන පක්ෂයකටවත් බය වෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් නැට්ට විසින් බල්ලා වනන්නේ නැහැ. බල්ලා තමයි නැට්ට වනන්නේ.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ වාසුදේව නානායක්කාර ඇමතිවරයා සඳහන් කොට සිටියේ එම පක්ෂ සාකච්ඡා කළේ පළාත් සභා පනත සුළු පක්ෂවලට බලපාන ආකාරය පිළිබඳව යන්නයි.
COMMENTS