පොල්තෙල් වලට විෂ කවලම් කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් රජයෙන් සෑම ගමකටම සෙක්කුවක් ලබාදිය යුතු බවත් ජනතාව එයින් පොල්තෙල් සිඳගත යුතු බවත් ර...
පොල්තෙල් වලට විෂ කවලම් කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් රජයෙන් සෑම ගමකටම සෙක්කුවක් ලබාදිය යුතු බවත් ජනතාව එයින් පොල්තෙල් සිඳගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා අවධාරණය කරයි.
"මේ පත්‍රිකාවෙ තියෙන්නෙ ආසියා පැසිෆික් කලාපයට නිර්දේශ කරලා තියෙනවා පොල්තෙල් කියන ද්‍රව්‍ය කිසිදු ආකාරයකින් කලවම් කිරීම් තහනම් බව. විද්‍යාත්මකව නිර්දේශ කරන්නෙ කලවම් කරන්න එපා කියලා. ඉතිං මේ ගැසට් පත්‍රයක් මගින් ලංකාවෙ පොල්තෙල් කලවම් කිරීම නීතිගත කරනවා. අපි කොහෙද යන්නෙ ? මේ ඇස් පනාපිටම ජාත්‍යන්තර මතය.
පොල්තෙල් හිඳගන්න එක අපේ මේ අවුරුදු හැත්තෑවෙ අසූවෙ කෙනෙක්ගෙන් ඇහුවත් මේකෙ ලොකු දෙයක් නෙවෙයි. අවුරුද්දට පොල්තෙල් හිඳගත්තා. ඒක ගැන විතරයි දැන් මේ යන විදියට විශ්වාසය තියන්න පුළුවන්.
මං හිතන්නෙ හැම ගමකම නැවත සෙක්කුවක් මේ විදියට හදලා මේවා ඉස්සර පාවිච්චි කරලා තියෙන්නෙ පොදුවේ, එක ගෙදරක නෙවෙයි. එතකොට මේ වගේ එකක් හැම ගමකම නිර්මාණය කරන්න ඇයි අපේ පොල් අමාත්‍යාංශයට පටන් ගන්න බැරි ? මේ වගේ සෙක්කු ඉදිරිපත් කරන්නකො, මේක සරල දෙයක්නෙ, හැම ගමකම. ඒ මිනිස්සු එතකොට තමන්ගෙ ස්වශක්තියෙන් නැගිටියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
COMMENTS