දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කරයි
Homeප්‍රවෘත්ති

කොරෝනා ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කරයි

PropellerAds

කො රෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර්...

නාඋයනේ අරියධම්ම අනු නාහිමි ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය
කෝටියක කුඩු සමඟ ඉන්දියානුවා අත්අඩංගුවට
ශ්‍රීලනිප මහ ලේකම් - මහින්ද එජාප සැමරුමට
කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම කටුනායක ගුවන්තොටුපල මගින් ගෙන ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවත් ඔවුන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශවලද සහාය ඇතිව කොරෝනා වෛරසය දිවයිනට පැමිණිම පාලනය කිරීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සදහන් කලේය.

කොරෝනා වෛරසය දිවයිනට පැමිණිම පැවැක්වීම සදහා කටුනායක ගුවන්තොටුපල මගින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා (30) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි සභාපතිවරයා මේ බව සදහන් කලේය

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කිවේය.

පසුගිය ජනවාරි 26 වන දින සිට මේ දක්වා කටුනායක ගුවන්තොටුපලට ගුවන් මගීන් 4028 දෙනෙකු පැමිණ තිබෙනවා. ඉන් 323 ක් ශ්‍රී ලංකිකයන් ඒ වගේම චීන ජාතිකයින් 1936 ක් දිවයිනට පැමිණයා අපි චීනයේ ගුවන්තොටුපල වල පැමිණෙන මගින්ට වෙනම විශේෂ පිටවීමේ ප්‍රදේශයක් ගුවන්තොටුපල තුල වෙන් කර තිබෙනවා. එම ස්ථානයේ තර්මෝ ස්කෑනර් දෙකක් යොදා කොරෝනා වෛරසය වැලදි ඇති පුද්ගලයෙකු රටට එනවාදැයි පරික්ෂා කරනවා. ඒ වගේම ඔවුන් සමග වෛද්‍ය වරුන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද සාකච්චා කරනවා. ගුවන්තොටුපලට එන සෙසු මගින්ගේ පරික්ෂාව වෙනම ස්ථානයක සිදුවනවා. එම ස්ථානයෙත් තර්මෝ ස්කෑනර් යන්ත්‍ර  02 ක් යොදා තිබෙනවා. පසුගිය දින කීපය තුල අපට හමුවුයේ ගුවන්තොටුපලින් පැමිණි සැක කටයුතු රෝගීන් 04 දෙනෙකු පමණයි ඔවුන් 04 දෙනාටත් කොරෝනා වෛරසය වැලදී නොමැති බව තහවුරු වුනා. කෙසේ වෙතත් චීන ජාතිකයින් මේ වන විට දිවයිනට පැමිණීම අවම වී තිබෙනවා. මෙවැනි තත්වයකදි ලෝකයේ දියුණුම ගුවන්තොටුපල වල ක්‍රියාත්මක වන ක්‍රමවේදයයි අප අනුගමනය කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය වගේම යුධ හමුදා වෛද්‍ය වරුන්ගේද සහාය ඇතිව ගුවන්තොටුපල සේවකයින් පැය 24 පුරාම මේ පරික්ෂා කිරීම සිදු කරනවා. ගුවන් මගීන් හැර කිසිවෙකුට මේ පරියන්තයට ඇතුලු වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ එන අයත් අපි දැඩි ලෙස පරික්ෂාවට ලක් කරනවා. කොරෝනා වෛරසය පාලනය වන තුරුම අප මේ වැඩපිළිවෙල ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.

මෙරටට පැමිනෙණ ගුවන් මගීන්ට අප විශේෂ පත්‍රිකාවක් දෙනවා. විශේෂයෙන්ම මේ අයගේ සෞඛ්‍ය  තත්වය වගේ තොරතුරු අප ඒ මගින් ලබා ගන්නවා. වෛද්‍යවරුන් කීවේ කොරෝනා වෛරසය කිසිවෙකුට වැලදුනහොත් දින 14 ක් තුල ඒ ලක්ෂන පෙන්නුම් කරන බවයි. ඒ නිසා අප සෞඛ්‍ය අංශ සමග එකතුවෙලා ගුවන්තොටුපලින් දිවයිනට එන සෑම කෙනෙකු පිළිබදවම පසුවිපරමක් සිදු කරනවා. ගුවන් තොටුපලින් පිටව ගියත් සෞඛ්‍ය අංශ ඒ අය ගැන අවධානයෙන් ඉන්නවා ඒ නිසා බියක් ඇති කර ගත යුතු නැත.

චීනයේ සිට පැමිණෙන කිසිදු ශ්‍රී ලංකිකයෙකු මේ ආසාධනයට ලක්ව තිබුනේ නැහැ. ඒ වගේම චීනයේ ප්‍රධාන නගරයේ සිටින ශ්‍රී ලංකික සිසුන් විශේෂ ගුවන්යානයක් මගින් මෙරටට පැමිණියාම ඔවුන් දියතලාව සෞඛ්‍ය කදවුරට ගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඔවුන් ගෙනයනතුරු අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙලක්ද අප මේ වන විටත් සැලසුම් කර අවසන්

උප සභාපති රජීව සුරියආරච්චි මහතා

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය මේ වන විට ආරක්ෂිතයි. අපි අනියත බියක් ඇති කරගත යුතු නෑ. ගුවන්තොටුපල මගීන්ට මුහුණු ආවරණ අවශ්‍යනම් එයත් අප ලබා දීමට සැලැසුම් කර තිබෙනවා. ඒ වගේම ගුවන් තොටුපල තුල අප ශ්‍රී ලංකිකයෙකුගේම හදුන්වා දීමක් අනුව වාතය පිරිසිදු කිරීමේ උපකරණ සවි කර තිබෙනවා. ඒ නිසා ගුවන්තොටුපල තුල වාතය නිතර පිරිසිදුයි. අපි කියන්නේ අනියත බියක් ඇති කරගන්න එපා කියලයි.

ගුවන්තොටුපල වෛද්‍ය අංශ ප්‍රධානී එච්.ඩී.ඒ.එස්. ශාන්ත සහ ගුවන්තොටුපල නියෝජ්‍ය කලමණාකරු ලලිත් වීරසිංහ යන මහත්වරුද කථා කලහ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කරයි
කොරෝනා ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnbwzWms8WqU5ikAtv-mmyoK4IgDItPtn-XzgbPBpEu1kuNdwxpo_REOGIvVyK64TmZkSzm6NcjqnKmkHcTwPXXAZQH87-7BCIV4-BBUOIf9GMhGmSoIR9BI3zGHxuPSjDZ8Z1wZ7ubsUg/s320/45464.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnbwzWms8WqU5ikAtv-mmyoK4IgDItPtn-XzgbPBpEu1kuNdwxpo_REOGIvVyK64TmZkSzm6NcjqnKmkHcTwPXXAZQH87-7BCIV4-BBUOIf9GMhGmSoIR9BI3zGHxuPSjDZ8Z1wZ7ubsUg/s72-c/45464.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_829.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_829.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy