අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට රජය තීරණය කර ඇ...
අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට රජය තීරණය කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එළඹෙන 12 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී එම ආදාහන පූජෝත්සවය සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අපවත්වී වදාළ නා උයනේ අරියධම්ම හිමිපාණන්ගේ දේහය මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති අතර ලබන 12 වැනිදා දහවල් උන්වහන්සේගේ දේහය කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියට වැඩම කරවීමට නියමිතය.
ආදාහන පූජෝත්සවය සඳහා දේහය එදින පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත වැඩම කරවීමට නියමිතය.
COMMENTS