ම ධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් මුදල් 2016 සිට 2019 දක්වා පරිහරණය කළ ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසි...
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් මුදල් 2016 සිට 2019 දක්වා පරිහරණය කළ ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
හිටපු මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝඨාභය ජයරත්න, හරිගුප්තා රෝහණදීර යන මහත්වරුන් මේ සඳහා නම් කර ඇත.
බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට මේ කමිටුව සඳහා පහසුකම් ලබාදෙන ලෙස අගමැතිවරයා නියෝග කර ඇතැයි ද වාර්තා වේ.
පසුගිය රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල පාලනය වූයේ කලක් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා යටතේ හා කලක් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේය.
මේවන විට පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා එකී ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්රචාරක වැඩසටහන් සඳහා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රුපියල් මිලියන 3600ක මුදලක් පාලක මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව මුදා හැර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී ද හිටපු සංස්කෘතික ඇමැතිවරයකු වූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා ප්‍රශ්නකර තිබිණි.
කෙසේවුවද, මේවන විට විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවට සහයදීමට එක්ව සිටින බැවින් අදාළ කමිටු පරීක්ෂණය ප්‍රේමදාස මහතා ඉල්ලක්ක කර පැවැත්වෙන්නක් බව සංස්කෘතික අරමුදලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ආණ්ඩු පෙරළියෙන් පසුව විශය බෙදීමේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප ආණ්ඩු සමයේ දැරූ අමාත්‍ය ධූරයට අදාළ සියලු ආයතන මේවන විට පවරා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතටය.

COMMENTS