එ ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ජංගම දුරකථන ඇමතුම් පටිගත කර ගැනීම හේතුවෙන් ඔහු හා රංගනයේ යෙදුනු හා හි...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ජංගම දුරකථන ඇමතුම් පටිගත කර ගැනීම හේතුවෙන් ඔහු හා රංගනයේ යෙදුනු හා හිතමිතුරුකම් පැවැත්වූ රංගන ශිල්පිනියන් විශාල පිරිසක් දැඩි ලෙස බැන වදින්නේ යයි වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේම රාමනායක මහතා ඉලක්ක කරන කුණුහරුපයෙන් බැණ වදිමින් සිටින අතර ඔහු සමඟ ඉදිරියේදී කිසිදු රංගනයකට දායක නොවන බව ද සඳහන් කරති.
මේ අතර තවත් පිරිසක් තමන්ට අපහාස සහ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිදැයි විමසා ඇතැයි ද වාර්තා වෙයි.
ඇතැම් රංගන ශිල්පිනියන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ රංජන් රාමනායක මහතාට දරුණු ලෙස බැනවදිමින් වීඩියෝ පට පවා නිකුත් කර තිබෙනු දැකිය හැකිය.
එමෙන්ම මේ වන විට රාමනායක මහතා විසින් ලබා ගන්නා කිසිදු ඇමතුමකට ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් කිසිවකු පිළිතුරු නොදෙන හෝ ඔහුට ඇමතුම් නොගන්නා තත්වයකට පත්ව ඇතැයිද දැනගන්නට ඇත.

COMMENTS