දිවයිනට පැමිණ සිටින ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා වන icsunori Onothera මහතා ඊයේ (22) දහවල් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නියැලී...
දිවයිනට පැමිණ සිටින ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා වන icsunori Onothera මහතා ඊයේ (22) දහවල් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නියැලී තිබේ.
ත්‍රිකුණාමලයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව ගුවන් මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ පසුව ෂ්‍රැන්ග්‍රීලා හෝටලය වෙත දිවා ආහාරය ගැනීමට යාමෙන් අනතුරුව යලි හම්බන්තොට වරායට පැමිණ මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදී පසුව යලි ගුවනින් කොළඹට යාමට කටයුතු කර තිබේ.
කෙසේනමුත් මෙම අවස්ථාව මාධ්‍යවේදීන්හට ආවරණය කිරීම සදහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය වෙත ඇතුළු වීමට අවසර නොදුන් අතර පිටත සිට ජපාන ආරක්ෂක ආමාත්‍යවරයාගේ පැමිණීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.
රාහුල් සමන්ත - හම්බන්තොට
COMMENTS