බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියන් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ...
බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියන් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විමල් වීරවංශ මහතා සිදු කළ පරිභව කිරීම් සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
එම ප්‍රකාශය සත්‍යක් හෝ අසත්‍යක් වුවද එය සංවරව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබූ බවත් එවැනි සංයමයක්වත් නායකයන්ට තිබිය යුතු බවත් අගමැතිවරයා හා විමල් වීරවංස මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ දෙකම වැරදි බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති.
උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන සංහිඳියා කාර්යාලය මගින් බුදු දහමට අපහාස කෙරෙමින් නිෂ්පාදනය කර ඇති නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින උත්සවයකදී අදහස් පළ කර තිබිණි.
එම වීඩියෝව පහතින්,
COMMENTS