දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දක්‍ෂිණ අධිවේගියේ මාතර-හම්බන්තොට කොටස වහයි - විවෘත කර ඇත්තේ වැඩ අවසන් නොකර
Homeප්‍රවෘත්ති

දක්‍ෂිණ අධිවේගියේ මාතර-හම්බන්තොට කොටස වහයි - විවෘත කර ඇත්තේ වැඩ අවසන් නොකර

PropellerAds

ද ක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ ඉතා ඉක්මනින් අවසන් කොට මේ වසරේ පළමු කාර්තුවේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව...

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදන්න ජනපතිගෙන් කමිටුවක්
ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීම ගැන අවුලක්! ඇමැති කබීර්ට, ලේකම්ට දන්වා නෑ
උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ
ක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ ඉතා ඉක්මනින් අවසන් කොට මේ වසරේ පළමු කාර්තුවේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.
මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ චෛත්‍ය පරිශ්‍රයෙහි පැවැති නව වසර සඳහා වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, වසර 05 ක් ආපස්සට ඇද දැමූ රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම නව වසරේ අපේක්ෂාව වන බවත් රටේ හදවත බඳු වරායට අත්‍යවශ්‍ය නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කරමින් වරාය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ය.

“දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරපු කෑල්ල වැඩ අවසන් වෙන්න ඉස්සෙල්ලා තමයි ඔවුන් විවෘත කෙරුවේ. ඒකෙ ලොකු ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි මුළු දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා පළවෙනි කාර්තුවේ දී වැඩ නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අවශ්‍ය කරන දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට ඉස්සල්ලා මෙය විවෘත කරන්න.

වරාය කියන්නේ ‍සේවකයෝ 10 000 ක් පමණ වැඩකරන තැනක්. ඔවුන් සියලුදෙනා සමග මා ඉදිරියේ දී තනි තනියෙන් බැරිවුණත් කණ්ඩායම් වශයෙන් හෝ හමුවෙලා කතාකරන්න බලාපොරොත්තු වෙනවා. වරාය රටේ එක හදවතක්. ගුවන් තොටුපොළ තවත් හදවතක්. මහා මාර්ග අමාත්‍යංශයත් ඒ වගේ වැදගත් අමාත්‍යංශයක්. අද නව ජනාධිපතිවරයෙක් පත්වෙලා ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ වැඩපිළිවෙළ ගැන ඔබ දන්නවා. ඒ නිසා තමයි දාහතර ලක්ෂයකට වඩා වැඩි ඡන්ද ප්‍ර‍මාණයක් ලබාදීලා එතුමාව ජනාධිපති බවට පත්කෙරුවේ. මේ රටේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාජය කරලා රටට කරගත්ත පාඩුව ඔබ දන්නවා. රටට නොවෙයි වරායට වෙච්ච පාඩුව ඔබ හොඳටම දන්නවා. මේ වෙලා තියෙන විනාශය ගණන් බැලිය නොහැකි තරම් විශාලයි. අවුරුදු හතරහ මාරක් තිස්සේ නැගෙනහිර පර්යන්තය ආරම්භ කරන්න ඔවුන්ට බැරි වෙලා තියෙනවා. අපි ඉතාම ඉක්මනින් නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

රුපියල් 150 ට තිබුණ බත් පැකට්ටුව එක පැය විසි හතරෙන් රුපියල් 350 ක් වෙලා තියෙනවා. අපි ඒවා නැවැත්තුවා. නිවැරදි තීන්දුව ගන්න මම කිසිම විටෙක පසුබට වෙන්නේ නැහැ. මොකද ඒ නිවැරදි තීන්දුව ගන්නයි ජනාධිපතිතුමා මාව පත්කරලා තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු. වරාය කියන්නේ දියුණු කරන්න පුළුවන් තැනක්. මම වෘත්තීය සමිති ගැන දන්නවා. කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ මම කටයුතු කළා. මාත් එක්ක වැඩ කරන්න හරි ලෙහෙසියි. මාත් එක්ක ප්‍ර‍ශ්න කතා කරන්න. ප්‍රශ්න අරගෙන ඒවා පස්සේ යන්න එපා. ඔබේ සේවය රටට අවශ්‍යම අවස්ථාවයි මේ. ඒ නිසා මම විශේෂයෙන්ම වෘත්තීය සමිති වලින් ඉල්ලනවා ප්‍ර‍ශ්න නිසා රටට පාඩු වන, රටේ ආර්ථිකයට පාඩුවන කටයුතු වලට යොමුවෙන්න එපා කියලා.

2015 වෙද්දී මේ රටේ ආර්ථිකය වැට්ටුවා කිව්වා, මහා භාණ්ඩාගාරය හිස් කියලා කිව්වා. ඒ ඔක්කෝම බොරු. ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරලා ඒ සියල්ලම ඇත්ත කෙරුවා. හොඳට තිබුණ රටක් අවුරුදු 05 ක් පස්සට ඇදලා දැම්මා. රුපියල් බිලියන 25 ක් පමණ තියෙනවා මහා මාර්ග අමාත්‍යංශයේ විතරක් ගෙවන්න. මහා විශාල විනාශයක්. මධ්‍යම අධිවේගී මාර්ගය ඔවුන් පටන්ගත්තා. ඒකෙ මුල නැහැ. මීරිගම සිට පොතුහැර දක්වා විතරයි වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ඒකත් ඉතාම සෙමින් තමයි වැඩ කෙරුණේ. අද භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් ම හිරවෙලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නැහැ. අද රටේ ජනාධිපති රාජ්‍ය සේවකයෙක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙලා යුද්ධයට නායකත්වය දුන්නා විතරක් නෙවෙයි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුවා. එතුමා මේ ළ‍ඟදී හදිසියේ RMV එකට ගියා. ඒකට විපක්ෂයේ අය කැමති නැහැ. අපි නම් කැමතියි. අපි කැමතියි මෙහෙටත් ඉක්මනටම එනවා නම්……” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සව අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. පී.කේ. මායාදුන්නේ මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් දයා රත්නායක මහතා ඇතුළු වරාය අධිකාරියේ විධායක නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් ද, වරාය හා නාවික අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

– midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දක්‍ෂිණ අධිවේගියේ මාතර-හම්බන්තොට කොටස වහයි - විවෘත කර ඇත්තේ වැඩ අවසන් නොකර
දක්‍ෂිණ අධිවේගියේ මාතර-හම්බන්තොට කොටස වහයි - විවෘත කර ඇත්තේ වැඩ අවසන් නොකර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT0dsWE0Wa7Chj1iP5RWMQIS8oN2riVySRp72grQnK45ndzkRzmGw8aBsWFxhN6Z5q4dWVhXe0QwfaG-o57sIQeF-ZbUmfCFu1xM6K6GE6tmbF-jkNop30ELtmV0YCw_eyj9ie7QTvvxjx/s320/high.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiT0dsWE0Wa7Chj1iP5RWMQIS8oN2riVySRp72grQnK45ndzkRzmGw8aBsWFxhN6Z5q4dWVhXe0QwfaG-o57sIQeF-ZbUmfCFu1xM6K6GE6tmbF-jkNop30ELtmV0YCw_eyj9ie7QTvvxjx/s72-c/high.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy