ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව පසුගිය දා ප්‍රකාශ වීම සම්බන්ධයෙන් තම...
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව පසුගිය දා ප්‍රකාශ වීම සම්බන්ධයෙන් තමා කිසිවයක් නොදන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
අදාළ ඉල්ලා අස්වීම් පිළිබඳව තමා නොදන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ නොදන්නා අතර මේ පිළිබඳව මාධ්‍ය තුළින් දැනුවත් වු බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රීලංකන් එයාර්ලයින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීම ගැන තමාට නිල වශයෙන් දැනුවත් නොකල බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ රජයේ නව වැඩපිළිවෙළට සහාය ලබාදීමේ අරමුණින් හත්දෙනකුගෙන් සමන්විත එහි අධ්‍යක්ෂ මණ්ඩලයේත් තමා ඇතුළු හයදෙනකු සිය ධුරවලින් ඉවත්වීමට කැමැත්ත පළකොට ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් බව සභාපති අජිත් ඩයස් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
COMMENTS