ඉදිරි අගෝස්තු මාසයේ දී රජය විසින් අයවැයක් ඉදිරිපත් කරන තෙක් මෙරට මාර්ග, ගොඩනැගිලි ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති අත්හිටුවීමට රජය තීරණය...
මහා භාණ්ඩාගාර නිලධාරියෙක් උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත මේ බව වාර්තා කරයි.
අගෝස්තු මාසයේ නව රජයක් විසින් අයවැයක් ඉදිරිපත් කරන තුරු ව්‍යාපෘති සඳහා කිසිදු මුදලක් වෙන් නොකරන බව අමාත්‍යාංශ වෙත දැනුම්දී ඇතැයිද සඳහන්ය.
ඒ අනුව පාසැල්, රෝහල් මාර්ග, වෙනත් පොදු ගොඩනැඟිලි ඇතුළු රජයේ ගොඩනැඟිලිවල ඉදිකිරීම් කටයුතු අත්හිටවනු ඇත.
අගය එකතු කළ බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද රජය විසින් අඩු කිරීමෙන් රාජ්‍ය ආදායම පහත වැටී ඇති බවත් මෙනිසා ප්‍රධාන ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කර ඇති බවත් අදාළ නිලධාරියා සඳහන් කර තිබේ.
COMMENTS