දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුව විරුවන් වූ, සෞඛ්‍ය සේවකයන්ට වර්ජනය කරන්නට වෙන්නේ ඇයි?
Homeප්‍රවෘත්ති

සුව විරුවන් වූ, සෞඛ්‍ය සේවකයන්ට වර්ජනය කරන්නට වෙන්නේ ඇයි?

PropellerAds

මේ වන විට සෞඛ්‍ය ආයතනවලට කොවිඩ් රෝගීන් දරාගැනීමට හැකි ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව ද සෞඛ්‍ය සේවකයන් පවා ආසාදිතයන් බවට පත්වෙමින් ඇති බව ද ...

රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…
ඊළඟ නම් ලැයිස්තුවත් නලින්ද සාක්කුවෙන් ඇද පෙන්වයි!
ආණ්ඩුවේ පළමු අයවැය එන දවසේම වාරිමාර්ගේ සහකාර ඉංජිනේරුවෝ අසනීප වෙයි!
මේ වන විට සෞඛ්‍ය ආයතනවලට කොවිඩ් රෝගීන් දරාගැනීමට හැකි ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව ද සෞඛ්‍ය සේවකයන් පවා ආසාදිතයන් බවට පත්වෙමින් ඇති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා. එහෙත්, රජය ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා ප්‍රමාණවත් පහසුකම් ලබා නොදෙන බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙම ගැටලු සම්බන්ධයෙන් රජය නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ සහ අද දින රෝහල්වල හෙද විරෝධතාවක් පැවැත්වුණා.

ඔවුන්ගේ ඉල්ලීම් වුණේ මේවායි:

සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් තරම් පෞද්ගලික ආරක්ෂක උපකරණ හා සම්පත් ලබාදෙන්න (සමහර රෝහල්වල මුඛ ආවරණවත් ප්‍රමාණවත් තරම් ලැබෙන්නේ නැහැ)

කොවිඩ්-19 ආසාදිත වූ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර පහසුකම් සපයන්න (මෙය ඉතාම අවිධිමත් තත්වයකයි තිබෙන්නේ. ආසාදනය වන සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන්වත් තවම කිසිදු වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ)

සේවා කාලය තුළදී සෞඛ්‍ය සේවකයන්ට ආහාර සපයන්න (බොහෝ සෞඛ්‍ය සේවකයන්ට දීර්ඝ කාලයක් රාජකාරි කරන්නටත්, බැහැර කොවිඩ් මධ්‍යස්ථාන වෙත යන්නටත්, එවැනි ස්ථානවලට යාමට හා ඒමට දිගු කලක් ගතකරන්නටත් සිදුවෙනවා)

ලොක්ඩවුන් ක්‍රියාත්මක වන කාලසීමාවලදී සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන්න (මෙය ලංගම සමග සාකච්ඡා කර පහසුවෙන් කරන්නට පුළුවන් වුණත්, බොහෝ රෝහල්වල සේවකයන්ට මේ පහසුකම නැහැ)

ගර්භණී සෞඛ්‍ය සේවිකාවන්ට විශේෂ නිවාඩු ලබාදෙන්න (වෙනත් රජයේ ගර්භණී සේවිකාවන්ට දෙන මේ නිවාඩුවවත් සෞඛ්‍ය සේවිකාවන්ට නැහැ. ගර්භණී සෞඛ්‍ය සේවිකාවන්ට නිවාඩු ලැබෙන්නේ දරු ගැබට මාස හයක් ගතවීමෙන් පසුව පමණයි)

සෞඛ්‍ය සේවකයන්ට අවදානම් දීමනාවක් ලබාදෙන්න

ප්‍රසිද්ධ නිවාඩු දිනවල වැඩ කිරීම වෙනුවෙන් ගෙවන දීමනා, සන්නිවේදන දීමනා හා අතිකාල දීමනා සීමා නොකර නිසි පරිදි ලබාදෙන්න

සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි කරගන්න

රජය පවසන පරිදි ආණ්ඩුවට ඇති තරම් අරමුදල් ආදිය තිබෙන නිසා මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වෙනවා නම්, එයට ප්‍රධාන හේතුව නිලධාරීන්ගේ අකාර්යක්ෂමකමයි. සෞඛ්‍ය සේවකයන් වර්ජනවලට පොළඹවන්නේ නැතුව මෙම ප්‍රශ්න විසඳාගන්නට හැකියාව තිබෙනවා. මේ ප්‍රශ්න බොහොමයක් ඉතා පහසුවෙන් විසඳීමේ හැකියාව නිලධාරීන්ට තිබෙනවා. එසේ නොකිරීමට තමයි රාජ්‍ය නිලධාරිවාදය කියන්නේ.

මේ වන විටත්, හෙද හෙදියන් පීසීආර් ගැනීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද යෙදී සිටිනවා. එයින් වෛද්‍යවරුන්ට පැටවෙන බර වැඩි වීම නිසා එය සෞඛ්‍ය සත්කාර සේවාවලට බලපානවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද වෘත්තීය ගැටලු ගැන නිතර මැසිවිලි නගනවා. නිසි සේවා තත්වයන් ලබා නොදීම තමයි අරගලවලට හේතුව. සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ වෘත්තීය අවුල් ජාලයක්. එහි විවිධ ශ්‍රේණි අතර විෂමතා හා ගැටුම් රැසක් තිබෙනවා. එහෙත්, ඒ සියල්ලම මැද රටේ සෞඛ්‍ය පහසුකම් ඉහළ මට්ටමක තබන්නට සෞඛ්‍ය සේවකයන් සමස්තයක් ලෙස දක්වා තිබෙන දායකත්වය ඇගයිය යුතුයි.

මේ මොහොතේ මේ රටේ රජයේ සේවයන් අතරින් ක්‍රියාත්මක වන්නේ අතළොස්සක් පමණයි. එසේ වැඩකරන අයට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. හරිහමන් අන්දමින් මුඛ ආවරණයක්වත් සපයන්නේ නැති වූ විට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට නිලධාරීන් සවන් නොදෙන විට ඔවුන් වර්ජනවලට යොමුවීම පුදුමයක් නොවෙයි.

-praja.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුව විරුවන් වූ, සෞඛ්‍ය සේවකයන්ට වර්ජනය කරන්නට වෙන්නේ ඇයි?
සුව විරුවන් වූ, සෞඛ්‍ය සේවකයන්ට වර්ජනය කරන්නට වෙන්නේ ඇයි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI3IEXgTCR3Iowb50xLnzsud5_mU_vDl_HnQzva3OpGMUmZtv7uU6p9EtT4YepEYB3Kc-dWL9DS0UVXNYhmIM2EcfTL2QP3sYTK5KaRxU6FNqbRnXQC2aa-_J0nCzXYZ8XMRH-pg9V-dg/s320/suwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI3IEXgTCR3Iowb50xLnzsud5_mU_vDl_HnQzva3OpGMUmZtv7uU6p9EtT4YepEYB3Kc-dWL9DS0UVXNYhmIM2EcfTL2QP3sYTK5KaRxU6FNqbRnXQC2aa-_J0nCzXYZ8XMRH-pg9V-dg/s72-c/suwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy