දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්
Homeප්‍රවෘත්ති

කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්

PropellerAds

ප‍්‍ර තිශක්තිකරණය අවම මට්ටමක ඇති රෝගීන් හට කොරෝනා වෛරසයේ දැඩි අවදානමක් ඇතැයි මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැ...

"විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122යි, පක්ෂව 80යි - දවල්ට කාලා ගෙදර යමු" - ඇමැති ජෝන්ගෙන් ඉල්ලීමක්
"රනිල්ට බෑ කියලා පෝස්ටර් ගැහුවේ අපි" - මංගල
කටුනායක ගුවන්තොටුපළේ සේවක වර්ජනය අවසන්
ප‍්‍රතිශක්තිකරණය අවම මට්ටමක ඇති රෝගීන් හට කොරෝනා වෛරසයේ දැඩි අවදානමක් ඇතැයි මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.

වකුගඩු , අක්මා , පිළිකා , හෘද , දියවැඩියා , විවිධ ආසාදිත රෝගින්, අවයව බද්ධ කළ රෝගින් , ගර්භණී කාන්තාවන් සහ කුඩා දරුවන් ප‍්‍රතිශක්තිකරණය අවම තත්ත්වයක සිටින බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

කිවිසුම් යාම , කැස්ස , සෙම්ප‍්‍රතිශ්‍යාව , යන රෝග ලක්ෂණ වෛරසය ආසාදනය වී දින පහත් දහහතරත් අතර කාලයේ මතුවන බවත්, එම රෝග ලක්ෂණ මතුවීමට පෙර වුව ද රෝගවාහක වෛරසය සෙසු පුද්ගලයන් වෙත බෝවීමේ අවදානමක් පැවතිය හැකි බවත් ඔහු කියා සිටියේය.

සොටු දියර ගැලීමේදී හෝ කිවිසුම් යාමේදී හෝ කැස්ස පවතින අවස්ථාවේදී රෝගය බෝ වීමේ වැඩි අවදානමක් පැවතිය හැකි බව කී විශේෂඥ වෛද්‍ය මැදගෙදර මහතා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල රැුඳී සිටීමෙන් වළකින්නැයි ජනතාවට කියා සිටියේය.

කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ටත් මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවී යන බවත්, රෝගය පහව ගිය ද සතුන්ගේ සිරුරු තුළ වෛරසය තැන්පත් ව තිබී පසුකාලීනව යළි මතුවිය හැකි බව ද හෙතෙම කීය. සාර්ස් සහ මාර්ස් වැනි උණ වෛරසයන්ගේ ම තවත් නව තත්ත්වයක් බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

කොරෝනා වෛරස් ආසාදනය මගින් ඇති වන උණ රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීම සඳහා නිශ්චිත ඖෂධයක් මේ වනතුරු සොයාගෙන නැති බැවින්, ජීවිත අවදානම ප‍්‍රබල ලෙස ඇතැයි ද හෙතෙම කීය.

අවම ප‍්‍රතිශක්තිකරණ මට්ටමක සිටින රෝගීන් හට වෛරසය ආසාදනය වුවහොත් ජීවිතය අහිමිව යෑමේ අවදානමක් ඇති බව ද වෛරසය පෙණහලූ තුළට යෑමෙන් අනතුරුව රෝගියා මිය යෑමට ඇති අවදානම වැඩි බව ද කී විශේෂඥ වෛද්‍ය මැදගෙදර මහතා චීනයේ සිට පැමිණෙන පිරිස් සති දෙකකට වැඩි කාලයක් විශේෂ ස්ථානයක රඳවා තබා රෝග ලක්ෂණ පහල වන්නේද නොවන්නේ ද යන්න බැලීමෙන් රෝගය රට පුරා ව්‍යාප්ත වීම අවම කර ගත හැකි යැයි ද කීය.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ වකුගඩු, අක්මා, පිළිකා , හෘද , අවයව බද්ධ කළ සහ දියවැඩියා රෝගීන් පමණක් ලක්ෂ විසි දෙකක් ඉක්මවා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සනාථ කරයි.

සමන්තී වීරසේකර
– divaina




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්
කොරෝනා පැතිරුනොත් ලංකාවේ ලක්‍ෂ 22ක් ගොදුරු වීමේ වැඩි ඉඩක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkzN9JClCCzNcCFl97B4AHthcGl8Q8RC_QWKObXi0g0cuN1IJNVszsAHABqc2cFOFnj2vBQQxSIf65Hu3YVUfDzHABFvR-mYj44din1bDJ52UrL5QdTWVZzxsn_pvWDmnFRUKm58bik9xv/s320/4545455-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkzN9JClCCzNcCFl97B4AHthcGl8Q8RC_QWKObXi0g0cuN1IJNVszsAHABqc2cFOFnj2vBQQxSIf65Hu3YVUfDzHABFvR-mYj44din1bDJ52UrL5QdTWVZzxsn_pvWDmnFRUKm58bik9xv/s72-c/4545455-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy