ගුවන්තොටුපල සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීමට එහි පාලනාධිකාරය එකඟ වී ඇත. ඒ සඳහා වන ලිඛිත පොරොන්දුව ඔවුන් වෘත්තීය සමිති සාමා...
ගුවන්තොටුපල සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීමට එහි පාලනාධිකාරය එකඟ වී ඇත.
ඒ සඳහා වන ලිඛිත පොරොන්දුව ඔවුන් වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දන්වා තිබේ.
මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීම අද පස්වරු 6.30න් පසුව සිදු කිරීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අශෝක් අබේසිංහ, ගුවන්තොටුපළ පාලනාධිකාරිය, අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙක් හා වෘත්තීය සමිති සාමාජිකයන් අතර පැවති සාකච්ජාවේදී වැටුප් වැඩි කිරීමට එකඟ වී ඇත.
ඒ අනුව ඔවුන් සිය වෘත්තීය ක්‍රියා මාර්ග තාවකාලිකව අවසන් කර ඇත.
COMMENTS