හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ජනපතිවරණ සටන ආරම්භ කරන අවස්ථාවේදී “රනිල්ට බෑ” යනුවෙන් මැතිවරණ පෝස්ටරයක් චන්ද්‍රිකා ක...
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ජනපතිවරණ සටන ආරම්භ කරන අවස්ථාවේදී “රනිල්ට බෑ” යනුවෙන් මැතිවරණ පෝස්ටරයක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය විසින් පළ කළ බව මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයේ දී අදහස් දක්වමින් මේ බව පැවසී ය.
“ 1999 වසරේ දී ගැහුවා පෝස්ටරයක් රනිල්ට බෑ කියලා. අපි රනිල්ට බෑ කියලා පෝස්ටරයක් ගැහුවේ,චන්ද්‍රිකා පත්වීමට තිබෙන අභියෝගය රනිල් කියලා දන්න නිසා, රනිල්ට පෝස්ටර් ගැහුවා. අවුරුදු 20කර පස්සෙත් පැහැදිලිව පේනවා, මේ රටේ විපක්ෂයට තිබෙන දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ කියලා. මෙය ජනාධිපතිතුමාත් ඉලක්ක කර ගත් විශ්වාසභංගයක්. දෝෂාභියෝගයක් ගෙනල්ලා ගෙදර යවන්න තියෙන බාධකය අග්‍රාමාත්‍යවරයායි. එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක්. රටේ වාසනාවට දැනටමත් පරාජය වී අවසන්. 2014 අග්‍රාමාත්‍ය තුමා කළ කැපවීම මතක් කළ යුතුයි. කිසිම කුහකකමක් නැතිව යෝජනාව පිළිගත්තා. සමහර බොහෝ දෙනා ජනාධිපති අපේක්ෂක වෙන්න කැමැතියි. සිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මාව දේශපාලනයට ගෙනාවේ. 88 ජනාධිපතිවරණයට මුහුණ දෙන්න පොදූ අපේක්ෂකයෙක් තෝරා ගන්න සාකච්ඡා කළා. වාමාංශික පක්ෂ සිටියා. 82 වසරේ දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අපේක්ෂකත්වය ගත්තා. තමන්ගේ අපේක්ෂකයා දාලා පැරැද්දුවා.”
COMMENTS