දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුධ ගිනි මැද ජනතා සේවයට කැප වූ දොස්තර උත්පල ඉන්ද්‍රවංශ SPMC සභාපතිකමට
Homeප්‍රවෘත්ති

යුධ ගිනි මැද ජනතා සේවයට කැප වූ දොස්තර උත්පල ඉන්ද්‍රවංශ SPMC සභාපතිකමට

PropellerAds

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ...

ආරක්ෂක අංශ කී‍්‍රඩාලෝලීන්ට පහරදීම ගැන ක්‍රීඩා ඇමති සමාව අයදී !
මම වැඩ කළේ ගෝඨාභයට...ආබාධිත රණවිරුවෝ නටන්නේ නාඩගමක්, ලැජ්ජයි ! - කොටුවේ පොඩි සාදු
පාර්ලිමේන්තු විසිරෙවුවත් මැතිවරණයට සල්ලි නෑ.. ජනාධිපතිවරණටද කෝටි 300ක් තවම හිගයි - මහින්ද දේශප්‍රිය
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ද පත් කර ඇත.
අම්පාර දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක මුලික අධ්‍යාපනය ලබා ඇති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ද ආදි ශිෂ්‍යකි.
අනතුරුව මොහු රුසියාවේ මොස්කව් මෙඩිකල් ඇකඩමියෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

පොළොන්නරුව මහරෝහලේ සීමාවාසික පුහුණුව නිමකළ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ වසර 2001 සිට 2009 දක්වා පොලොන්නරුව පුලස්ථි ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සේවය කළේ උතුරේ යුධ ගැටුම් වලින් එම ප්‍රදේශය පුරා දැඩි භීෂණ තත්වයක් පවා තිබියදීය.

එහිදී එම රෝහල මධ්‍යම පරිමාණ කාණඩය යටතේ දිවයිනේ හොඳම රෝහල බවට පත්වූ අතර ඒ සඳහා 2007 ඵලදායිතා සම්මානය ලැබීය.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2008 වසරේ සංවිධානය කළ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළේලේදී දිවයිනේ හොඳම වෛද්‍යවරුන් 05දෙනා අතරට වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ද තේරී පත්විය.

හෙතෙම 2009 වසරේ සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ සේවය කරයි.

වසර 2015 සිටම වියත්මඟ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන වෛද්‍ය ඉන්ද්‍රවංශ එහි විධායක කමිටුවේ සාමාජිකයෙක්ද වේ.

උත්පල ඉන්ද්‍රවංශට අම්පාර ප්‍රදේශයේ පදිංචියට යාමට සිදුවුයේ ගුරුවරුන් දේපලක් වූ ඔහුගේ මව හා පියාණන් 60 දශකයේ මුල් භාගයේදී ඇරඹි 'අම්පාර පුනරෝදය' වැඩසටහන යටතේ එම දිස්ත්‍රීක්කයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර තිබිම නිසාය.

ඔහුගේ දෙමාපියන් එකල එම ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ යහපත උදෙසා විශාල මෙහෙයක් ඉටුකර තිබු අතර ජනප්‍රිය ගුරුවරියකු වූ ඔහුගේ මව වන නන්දා ඉන්ද්‍රවංශ පසුකලෙක ශ්‍රීලනිප නියෝජනය කරමින් මහ මැතිවරණයකට ද ඉදිරිපත්ව ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුධ ගිනි මැද ජනතා සේවයට කැප වූ දොස්තර උත්පල ඉන්ද්‍රවංශ SPMC සභාපතිකමට
යුධ ගිනි මැද ජනතා සේවයට කැප වූ දොස්තර උත්පල ඉන්ද්‍රවංශ SPMC සභාපතිකමට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNx2wNrU6z54ppIzvsm2A2I3nUVj2odDxfYniWX0FgErUbHr4JqHQEp5OvXzAAhnExsS47-uo65Ni63ECzFaSaRYrwCEGEX46c1-MmM1cXC2DOj42c20TwKMVH-cNZqNwOhX_KGFhmUcOE/s320/Uthpala+Indrawansa+Chairman+SPMC.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNx2wNrU6z54ppIzvsm2A2I3nUVj2odDxfYniWX0FgErUbHr4JqHQEp5OvXzAAhnExsS47-uo65Ni63ECzFaSaRYrwCEGEX46c1-MmM1cXC2DOj42c20TwKMVH-cNZqNwOhX_KGFhmUcOE/s72-c/Uthpala+Indrawansa+Chairman+SPMC.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/spmc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/spmc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy