මී ළඟ පාර්ලිමේන්තුව මැතිවරණය සදහා ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊට පසුදිනම මැතිවරණයක් පැවැත්වීමට හා වූ ...
මීළඟ පාර්ලිමේන්තුව මැතිවරණය සදහා ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊට පසුදිනම මැතිවරණයක් පැවැත්වීමට හා වූ අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කිරීමට සියල්ල සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඒ අනුව අප්‍රේල් මස 25 සහ මැයි මස 4 වැනිදා අතර දිනයක දී ඡන්ද විමසීම සිදු කළ හැකි බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි 6ක මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවද කීය.
නමුත් එම මුදල් මෙතෙක් වෙන් වී නොමැති බවද පසුගිය ජනාධිපතිවරණය සඳහා වියදම් වූ තවත් රුපියල් කෝටි 300ක මුදලක් තවමත් ගෙවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.
නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ද මුදල් වෙන් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බව ද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS