ත මන් වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් ඒ ගැන තමන්ට ලැජ්ජාවක් නොමැති බවත් ආබාධිත සෙබළුන් අද වනවිට නාඩගමක් නටමින් සිටින බවත් ඒ ගැන නම් තමන් ...
තමන් වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් ඒ ගැන තමන්ට ලැජ්ජාවක් නොමැති බවත් ආබාධිත සෙබළුන් අද වනවිට නාඩගමක් නටමින් සිටින බවත් ඒ ගැන නම් තමන් ලැජ්ජා වන බවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ හෙවත් අත්තරගම ප්‍රඥාලංකාර හිමි පවසයි.
"අදටත් මම ලැජ්ජා වෙන්නෙ නෑ ගෝඨාභය මහත්තයා වෙනුවෙන් වැඩ කළා කියන්න. ඒ රට වෙනුවෙන් වැඩ කළේ. මතක තියාගන්න. ඒ හින්දා බොහොම ආදරෙන් කියන්නේ, රට වෙනුවෙන් කියන්නේ, හැබැයි අද වෙනකොටත් ගෝඨාභය මහත්තයාගෙන් සත පහක්වත් අපි ඉල්ලන්නෙත් නෑ. සත පහක්වත් ඉල්ලන්න යන්නෙත් නෑ. හැබැයි මතක තියාගන්න අපි කවදාවත් අපේ රට වෙනුවෙන් වැරදි තීරණ අරන් නෑ, හරි තීරණ අරන් තියෙන්නෙ.
ගොඩක් දුකෙන් මේ කතා කළේ. මතක තියාගන්න අපි කිසිම හාමුදුරු නමක් මේ වෙලාවෙ වැඩසටහනට යන්නැත්තෙ ඒගොල්ලන්ට දීලා තියෙනවා පොරොන්දුවක් ඉන්න, ඕගොල්ලන්ට දුන්නා වාගෙ ඉතුරු ටිකත් අපි දෙන්නම් කියලා. ඒක අපි දන්නවා. දැනගෙන මේ නටන නාඩගම් ! ලැජ්ජයි !
මතක තියාගන්න එක දෙයක් කියන්න ඕනෙ, ඔය රණවිරුවන්ට ගහපු හැටි අපි දන්නවා. ගිය සැරේ අර හිල්ටන් එක ගාවදි ගැහුවා. මේ අද මේ ... මේ මේ මේ ... නිදහස උපරිම විදියට මඩ ගහන්න පටන් අරන් තියෙනවා.
මතක තියාගන්න, අපි යුධ හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට, සිවිල් ආරක්ෂක බලකායට, පොලිසියට ආදරෙයි, හැබැයි ඒක දේශපාලන සිදුවීමක් කරගන්න එපා. රණවිරුවනි, කරුණාකරලා දේශපාලන වේදිකාවෙන් බහින ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.
එහිමි මේ බව සඳහන් කළේ ආබාධිත සෙබළුන් විසින් ගෙනගිය විරෝධතාව පිළිබඳ අදහස් දක්වමිනි. මීට මාස කිහිපයකට පෙර පසුගිය රජයට එරෙහිව ආබාධිත සෙබළුන් උද්ඝෝෂණය කරද්දී කොටුවේ පොඩි හාමුදුරුවන් ඊට ඉහළම සහාය ලබාදී තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව එහිමියන්ට මේවා දේශපාලන ප්‍රශ්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයකට විරුද්ධ වුණොත් පමණක් බව පෙනේ.

COMMENTS