දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් පක්‍ෂ නායකයා වීම වලක්වන්න රනිල්-කරු හවුලේ වැඩ !
Homeප්‍රවෘත්ති

සජිත් පක්‍ෂ නායකයා වීම වලක්වන්න රනිල්-කරු හවුලේ වැඩ !

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීම වැළැක්වීමට වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව කථානායක කරු ජයසූරිය මහතාද කටයු...

කෝවිලේ උත්සවයේදී ඊලාම් සිතියම ප්‍රදර්ශනය කළාට යාපනයේ 9කට නඩු
"අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී
වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි
ජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීම වැළැක්වීමට වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව කථානායක කරු ජයසූරිය මහතාද කටයුතු කරමින් සිටින බව එජාප සජිත් පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.
එජාපයේ අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන් කරමින් ඉදිරි මහ මැතිවරණ සටන මෙහෙයවීම සඳහා මේ වනවිට ඇතිව තිබෙන බෙදීම වළක්වා පක්ෂය ජයග්‍රහණය කරවීම උදෙසා කටයුතු කළ හැකි නායකයා ලෙස කරු ජයසූරිය මහතා ඉස්මතු කිරීමට වික්‍රමසිංහ මහතා දරන උපායශීලී වෑයමට උඩගෙඩි දෙන ආකාරයෙන් කරු ජයසූරිය මහතා හැසිරෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

එජාපය අර්බුදයකට පත්වූ සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් කැප වූ බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේත් මන්ත්‍රි කණ්ඩායමේ පූර්ණ එකඟතාව පළ වන්නේ නම් එවැනි යෝජනාවක් සලකා බලන්නට හැකි බව ජයසූරිය මහතා අඟවා තිබෙන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකත්වය ලබාදීමට කැමැත්ත පළ කර ඒ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලිඛිතව කථානායක කරු ජයසූරිය මහතා වෙත දන්වා යැවුවද ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනතුරු ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගැනීමට බලා සිටිය යුතු බවට කථානායකවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් කිරීමෙන් දෙසැම්බර් 12 වැනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකයා ලෙස සහභාගිවීමේ අවස්ථාව ප්‍රේමදාස මහතාට ඇහිරී ගිය බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී එජාපයේ අගමැති අපේක්ෂකයා වීමට නම් විපක්ෂ නායකත්වය පමණක් නොව එජාප නායකත්වයද අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ඒ සඳහා ඇති මඟ අහුරමින් රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන උපායශීලී වැඩපිළිවෙළට කරු ජයසූරිය මහතා තිරය පිටුපස සිටිමින් සහාය දෙන බව පැහැදිලි යැයිද එම ප්‍රකාශකයා තවදුරටත් පැවැසීය.

එජාප මන්ත්‍රි කණ්ඩායමේ අති බහුතරයක් මෙන්ම එජාප පාක්ෂිකයන්ගෙන් අති බහුතරයක්ද ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වෙද්දී එම ජනමතය පිටු දකින ආකාරයෙන් වික්‍රමසිංහ සහ ජයසූරිය මහත්වරුන් කටයුතු කිරීම දැඩිව හෙළා දකින බවද හෙතෙම සඳහන් කළේය.

එපමණක් නොව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයා ලෙස පැවරී ඇති බලතල අනුව පත් කළ සභිකයන් 20 දෙනාගෙන් අතිබහුතරයක්ද ප්‍රේමදාස මහතාට පක්ෂපාතීව මේ වනවිට කටයුතු කළත් දෙසැම්බර් 31 වැනිදා වනවිට එජාප කෘත්‍යාධිකාරියේ නිල කාලය අවසන් වන නිසා වික්‍රමසිංහ මහතාට යළිත් තමන්ගේ අන්තේවාසිකයන් 20 දෙනකු ඊට පත් කර ප්‍රේමදාස මහතාට එරෙහිව කටයුතු කිරීම අඛණ්ඩව සිදු කිරීමේ මඟ සකසමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් පක්‍ෂ නායකයා වීම වලක්වන්න රනිල්-කරු හවුලේ වැඩ !
සජිත් පක්‍ෂ නායකයා වීම වලක්වන්න රනිල්-කරු හවුලේ වැඩ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg45bVh6toOjGZ5le3Ckw1gGte32JimKkbfZMWoyrmtJpxGl2ihlXaLDO0eJrPWJJgj2BXzFNhMyJjsEgGhi-B5yaFd_uDP_5CSYUNWQARfuAWcQXVd25ucMwLTiGXbL3NvaUy8G8bl12jz/s320/5e001f7cdb6a6_uigigfhg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg45bVh6toOjGZ5le3Ckw1gGte32JimKkbfZMWoyrmtJpxGl2ihlXaLDO0eJrPWJJgj2BXzFNhMyJjsEgGhi-B5yaFd_uDP_5CSYUNWQARfuAWcQXVd25ucMwLTiGXbL3NvaUy8G8bl12jz/s72-c/5e001f7cdb6a6_uigigfhg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_895.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_895.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy