දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි
Homeප්‍රවෘත්ති

වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි

PropellerAds

වත්මන් රජය වෙලාවක කියනවා විපක්ෂය ජිනීවා බිල්ලෝ පෙන්නලා ජනතාව බියගන්වන්න හදනවා කියා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ ක...

අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් ලංකාවට ගෙනත්… හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වෙලා !
කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් ඉන්න වෙනවා.. කිසිම රටක් මුලින් කල දේවල් දැන් කරන්නේ නෑ.. රට වහන්න බෑ - පවිත්‍රා වන්නිආරච්චි
කොරෝනා මරණ අත්හදා බැලීමට භූමිදානය නොකළ යුතුයි – එය ඉතා අවධානම් – සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත - (video)
වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි

වත්මන් රජය වෙලාවක කියනවා විපක්ෂය ජිනීවා බිල්ලෝ පෙන්නලා ජනතාව බියගන්වන්න හදනවා කියා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ කෝට්ටේ සෝලිස් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“වත්මන් රජය කියන ප්‍රධාන කතාවක් තමයි මොනවා කරන්න බැරි උනත් එයාලා ලෝකය දිනුවා කියලා. තවත් වෙලාවක කියනවා විපක්ෂය ජිනීවා බිල්ලෝ පෙන්නලා ජනතාව බියගන්වන්න හදනවා කියලා. නමුත් අපි යුද්ධ කාලෙ පවා එක්සත් ජාතීන්ගේ සාම හමුදා වලට අපේ රණවිරුවන් යවන්නට කටයුතු කළා. අද මම දැක්කා පුවතක්. අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වන මාලි රටේ සාම සාධක හමුදා බළඇණියට රජකාරී සදහා එක්වුණ අපේ රණවිරුවන්ට අණදෙන නිලධාරීතුමා (ලෙෆ්ටිනන් කර්නල් කළණ ප්‍රියංකර ලක්මිත්‍ර අමුණුපුර) වහාම එම රටෙන් පිට කරන්නට කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉල්ලලා. එම නිලධාරියා යුද අපරාධ කළායැයි පවසමින් චූදිතයෙක් බවට අද පත්කරලා.  ඔන්න ඔය විදිහට තමයි මේ රජය ලෝකය දිනලා තියෙන්නෙ. අපේ රජය තියෙන කාලේ අපිට මෙහෙම දෙයක් කිව්වනම් අපි කියන්නෙ නිලධාරියා වැඩක් නැත්නම් අපේ සියලුම රණවිරුවන් ආපසු එවන්න කියලා. මම අහන්නෙ මේක ද අපේරට ජාත්‍යන්තරය දිනලා ලබාගත්ත ස්වෛරීත්වය කියලා. බටහිරට ඔනේ විදිහට නටන මේ රජය ලෝකය දින්නෙ කොහොමද කියලා පැහැදිලිවම දැන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්.”

“වත්මන් මුදල් ඇමතිවරයා කියනවා අද ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ කරපු අකාර්යක්ෂම ව්‍යාපෘති නිසා කියලා. එයින් එකක් ලෙස දක්වන්නේ පැලවත්ත, අකුරේගොඩ ආරක්ෂක සංකීර්ණය. අපි 2015 අගෝස්තු මාසයේ අවසන් කරන්නට සැලසුම් කරලා තිබුණ එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අදටත් ඇදි ඇදී යනවා.   තවත් කියන දෙයක් තමයි හම්බන්තොට වරාය නිසා ලංකාව ණය උගුලක හිරවුණා කියන එක. නමුත් හම්බන්තොට කියන තැන උපායමාර්ගිකව ලෝකයේ ඉහළ තැනක තියෙන බව ඔවුන්ට වැදගත් නැති නිසා චීනයට විකුණුවා. මත්තල ගුවන්තොටුපළත් ඒ වගේම අපේ රටට වැදගත්. ඒක ඉන්දියාවට විකුණන්න සැලසුම් හදනවා. මේවා දියුණු කරන්නට අපි ළග සැලසුම් තිබුණා. නමුත් වත්මන් රජය ඒවා එකිනෙක විකුණා දමමින් සිටීම අපේ රටට කරන බරපතළ අපරාධයක්. මේවා තමයි පැහැදිලි අදූරදර්ශී ක්‍රියාවන්. අපේ ව්‍යාපාරිකයන් දන්නවා, අපට හමුවන සෑම වෘත්තිකයෙක්ම කියනවා ඔවුන්ට අත්වෙලා තියෙන ඉරණම, ඔවුන්ගේ ව්‍යාපාර වලට. රටක ආර්ථිකය ඉහළ නංවන්න මූලිකවම සිදුකළ යුත්තේ යටිතල පහසුකම් නැංවීම. ඒ දේ අද කිසිසේත්ම සිදුවෙන්නේ නෑ.”

“අපි කොළඹ ඇතුළු රටේ සිදුකළ බහුතර ව්‍යාපෘති වල අරමුණ වුණේ කුඩා ව්‍යවසායකයන්ට අතදීම. ඒකට හොඳම උදාහරණයක් තමයි බත්තරමුල්ල දියත උයන. ඒක තමයි අපිට තිබුණ පැහැදිලි දර්ශනය. කොළඹ පමණක් සංවර්ධනය නොකර අපි සංවර්ධනය ගමට ගෙනගිය බව කවුරුත් දන්න කරුණක්. අදටත් සමහරු අපිට චෝදනා කරනවා සුළු ජාතීන්ට සැලකුවේ නෑ කියලා. නමුත් උතුරු නැගෙනහිර පළාත් දෙකේ කොපමණ සංවර්ධනයක් යුද්දෙන් පස්සේ සිදුකළා ද කියලා විමසන්නේ නෑ. ජාත්‍යන්තරය කතා කරන්නෙත් නෑ, අපිට චෝදනා නගන ජිනීවා වල කතා කරන්නෙත් නෑ. යුද්ධය අවසන් කරලා අපට තිබුණු අභියෝග බොහෝමයක් අපි ජයග්‍රණය කළා. එවැනි රටක් තමයි අපි වර්තමාන රජයට 2015 බාර දුන්නේ. වසර තිහකට පසු උතුරු පළාත් සභා මැතිවරණය සාධාරණව පවත්වලා අපි උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා. වර්තමානයේ රටේ බහුතර ප්‍රදේශයක පළාත් සභා ඡන්ද කල්දමලා.”

“ජාතිභේදයකින් තොරව කොළඹ පැල්පත්වාසීන්ට තට්ටු නිවාස යෝජනා ක්‍රම ඇති කරලා නිවාස ලබාදුන්නා. පසුගියදා දිගන ඇතිවුණු කෝලාහලයට වත්මන් පොලිසියේ ඉහළ අය මුල්වෙලා තියෙන බව හෙළිවෙමින් යනවා. එදා අලුත්ගම සිද්ධිය ඇති වුණ වෙලාවේ අපි හැකි ඉක්මණින් එය පාලන කිරීමට කටයුතු කළා. විනාශ වුණු නිවාස සියල්ලක්ම ත්‍රිවිධ හමුදාව යොදවලා අපි හදලා දුන්නා. සුළු ජාතීන් අතර මහින්ද විරෝධී මතයක් එදා හැදුව නිසා ඔවුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධ වුණා. නමුත් අද ඔවුන් සත්‍යය තේරුම් අරගෙන තිබෙනවා. යුද්ධයෙන් පසසේ කිසිම මාර්ග බාධකයක් මේ රටේ කොතැනකවත් තිබුණේ නෑ. ඒ වගේ නිදහසක් අපි ජනතාවට ලබාදුන්නා. වර්තමාන පාලකයන් යාපනයේ ආවා කල්ලිය පාලනය කරන්න මාර්ග බාධක දාලා. මේ අදූරදර්ශී ක්‍රියාකලාප නිසා ආරක්ෂාව, නීතිය හා සාමය, ආර්ථික, සංවර්ධනය සියල්ල අඩපණ වෙලා.  එදා සෘජු තීරණ ගන්න පුළුවන් නායකත්වයක් තිබුණු නිසා තමයි සියලු දේ සාර්ථක කරගන්න හැකි වුණේ. නමුත් අද කෙළින් තීරණ ගන්න ජනාධිපතිවරයාටත් බෑ, අගමැතිවරයාටත් බෑ. අද රජයේ කිසිවෙක් වගකීමක් බාරගන්න සූදානම් නෑ. ඒක තමයි මේ රට අද තිබෙන තත්ත්වයට පත්වෙන්නට හේතුවෙලා තිබෙන්නේ.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි
වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි
http://am.lk/media/k2/items/cache/6aeb9d1abc5d7bf26419361b20e2ad4c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_242.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_242.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy