දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී
Homeප්‍රවෘත්ති

"අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී

PropellerAds

දෙමළ ජාතික සන්ධානයට නොහැකි වූ දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රාය බව නව ද...

'සජිත් ජනාධිපති නොවීම ගැන මට දුකයි' - හිරුණිකා ප‍්‍රසිද්ධ වේදිකාවේ හඬා වැටේ - (video)
මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි.. 03 වැනිදා රාජාසන කතාව පරදනවා - සජිත් පිල කියයි
ස්විස් එම්බසි කාන්තාව ඇප මත නිදහස් කෙරේ !

දෙමළ ජාතික සන්ධානයට නොහැකි වූ දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රාය බව නව දේශපාලන පක්ෂයේ අරමුණ පැහැදිලි කරමින් උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය යාපනයේදී පැවසීය.

ආනන්දි සෂිහරන් මහත්මිය විසින් අලුතින් පිහිටුවන ලද ''දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය සංවිධානය'' පක්ෂයේ අරමුණු හා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම පිණිස යාපනයේ  හෝටලයකදී පැවති රැස්වීමක් අමතමින්  ඇය මේ බව කියා සිටියාය.

දෙමළ ජනතාව වෙණුවෙන් පෙනී සිටිමින් කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයට  දෙමළ ජනතාව වෙණුවෙන් කිසිවක් ලබා දීමට නොහැකි වූ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කාර්මින් තමන් මේ පක්ෂය පිහිටුවන බව කී අමාත්‍යවරිය ඊට  විශාල පිරිසකගේ සහය අවශ්‍ය බවද කියා සිටියාය.

දෙමළ ජනතාවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන අන්දමේ පාලන ක්‍රමයක් බවද ඇය මෙහිදී සදහන් කළාය.

දකුණේ සිංහල බෞද්ධ දේශපාලනය විසින් විවිධ අවස්ථා වලදී දෙමළ ජනතාව රවටවා ඔව්න්ගෙන් ඡන්ද බලය ලබාගෙන ඒ ආණ්ඩු පොහොසත් වූ බව පැවසූ ඇමතිවරිය 1948 වසරේ සිට විවිධ ගිවිසුම් මගින්  දකුණේ පාලකයෝ දෙමළ ජනතාව රැවටූ බවද සදහන් කළාය.

බණ්ඩා-සෙල්වා ගිවිසුම,ඩඩ්ලි-සෙල්වා ගිවිසුම ආදී වශයෙන් ගිවිසුම් ගණනාවක් පැමිණ අවසානයේදී එල්.ටී.ටී.ඊ.පාලන සමයේදී එවකට සිටි පාලකයින් අන්තර්වාර පාලන ක්‍රමයක් ලබා දෙන බව කියමින් දෙමළ ජනතාව රවටන ලද අන්දමත් ඇය විස්තර කළාය.

මේ අවස්ථාව වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්,රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් බලයට පත් වූයේ දෙමළ ජනතාව යළි රවටවමින් බව ප්‍රකාශ කළ ඇය දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ බොරු පොරොන්දු වලට රැවටෙමින් සිංහල බෞද්ධයින් පිරිසක් යළිත් මේ රටේ පාලකයින් බවට පත් කළ වගද  කියා සිටියාය.

මේ දෙදෙනා බලයට පත් වී වසර හතරක් ගත වීමට ආසන්නව ඇතත් දෙමළ ජනතාව වෙණුවෙන් ඉටුකරණ බවට පොරොන්දු වූ කිසිවක් මෙතෙක් ඉටු නොකළ බව සෂිහරන් අමාත්‍යවරිය කියා සිටියි.

යුද සමයේදී විපතට පත් වූවන්ගෙන් විශාල පිරිසක් තවමත් අනාථ කදවුරුවල සිටින බවත් ඔවුන්ව යළි පදිංචි කරවීමට දෙමළ ජාතික සන්ධානය විසින් පිහිටුවා ගන්නා ලද රජයකට බැරිව තිබියදී හමුදාව තව තවත් උතුරේ ඉඩම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ලබා ගන්නා බවද ඇය සදහන් කරයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ බවට පොරොන්දු  රජය දැන් දෙමළ ජනයාව රවට්ටන්නේ මේ රටේ දෙමළ දේශපාලන සිරකරුවන් යනුවෙන් කිසිදු අයෙකු නොමැති බව කියමින් යැයි පැවසූ අමාත්‍යවරිය තම පක්ෂය මේ අන්දමට නොවිසදුණු සියළු දේට විසදුම් රජයෙන් ලබානොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් කරවාගෙන හෝ ඉටු කරණ බව කියා සිටියාය.

නව පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට හින්දු කතෝලික හා ඉස්ලාම් පූජක වරුන් පැමිණ ආශිර්වාද කළ අතර පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම පිණිසද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී
"අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී
http://am.lk/media/k2/items/cache/583d2f5790b6319b23884097e159cf9e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_373.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_373.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy