දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදියුදීන්ගේ අමාත්‍යංශය පාස්කු ප‍්‍රහාරයේ තෝතැන්නක් වූ හැටි හෙලි වෙයි
Homeප්‍රවෘත්ති

බදියුදීන්ගේ අමාත්‍යංශය පාස්කු ප‍්‍රහාරයේ තෝතැන්නක් වූ හැටි හෙලි වෙයි

PropellerAds

හි ටපු ඇමති රිෂාද් බදුර්දීන් විසින් පාලනය කරන ලද අමාත්‍යාංශ තුනම පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වී තිබෙන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි....

සබරගමු, උතුරුමැද මැතිවරණයට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති 2ක් ඒකාබද්ධයෙන්.
කොළඹ වරායට ගුවන් තොටුපොළක්.
ඇලෝසියස්ව, රාජපක්ෂලා නටවයි - රවීගේ සම්බන්ධයත් හෙළිවේ.
හිටපු ඇමති රිෂාද් බදුර්දීන් විසින් පාලනය කරන ලද අමාත්‍යාංශ තුනම පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වී තිබෙන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම සම්පූර්ණ සාකච්ඡාව මෙහි දැක්වේ.

රටක ආර්ථික සංවර්ධනයේ හදවත ඒ රටේ කර්මාන්ත වන විට එහි නාඩිය ඇල්ලිය යුතු විශේෂඥයාට ඒ පිළිබඳව ඉවක් තිබිය යුතුමය. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම භාරදුර වගකීම භාරදුන්නේ විමල් වීරවංශට ය. විප්ලවීය දේශපාලන භූමිකාවක් රැගත් ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ලෙස එය හෙට දවසේ ඔසවා තබනුයේ කුමන ස්ථානයක ද, යන්න පිළිබඳව කතා කිරීමට ‘‘අරුණ’’ අප ද එම අමාත්‍යාංශයට ගොඩ වැදුණෙමු.

අතළොස්සක් වූ අමාත්‍යධුර අතුරින් ඔබට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

පෞද්ගලිකව ලැබෙන දේ ගැන හිතලා නෙවෙයි මම දේශපාලනය කරන්නේ. අපිට ඕන වුණා තිබුණ පරගැති ආණ්ඩුව පරාජයට පත් කරන්න. අපට දැන් අවශ්‍ය රට නිවැරදි ආර්ථික, දේශපාලන මාවතේ රැගෙන යන්න. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා නම් අපට වෙන මොනවා නැතත් කමක් නෑ. අමාත්‍යාංශ ලොකු එකක්ද පොඩි එකක්ද කියන දේ මත නෙවෙයි අපේ දේශපාලන භාවිතාව රැඳී තියෙන්නේ. ලොකු අමාත්‍යාංශයක් ලැබුණත් වැරදි පාරක නම් යන්නේ අපි ඒ පාරේ යන්නේ නෑ.

මහින්ද සුළඟේ ඔබගේ සටන් සගයෙක් වුණු උදය ගම්මන්පිල යම් විෂයක් පිළිබඳව විශේෂඥයෙක් වෙනවා. නමුත් ඔහුට කිසිම තනතුරක් ලැබුණේ නෑ.

අමාත්‍ය මණ්ඩලය 10කට 15කට සීමා කිරීමේදී ජනාධිපතිතුමා යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමේදී ඒ අවස්ථාවේදී උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ස්වයංව ඉදිරිපත් වුණා අමාත්‍ය මණ්ඩල තනතුරක් මහමැතිවරණය දක්වා නොගෙන ඉන්න.

දයාසිරි ජයසේකර, ඔබේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා. ඔහු වෙනත් පක්ෂයකින් පැමිණි කෙනෙක්. දෘෂ්ටීන් දෙකක් තුළ සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද?

රාජ්‍ය ඇමැති ලෙස එතුමා එතුමාගේ භූමිකාව තේරුම් ගෙන ඉන්නවා. මම මගේ භූමිකාව තේරුම්ගෙන ඉන්නවා. ඒ තුළ අපි සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගෙන තියෙනවා.

ඉදිරි මහමැතිවරණයට මුහුණ දීමට ඔබේ මොනවගේ සූදානමක්ද තියෙන්නේ?

මහමැතිවරණය අනිවාර්යයෙන්ම අලුත් සන්ධානයකින් තරග වැදිය යුතුයි. ඒ සන්ධානයේ ලකුණ පොහොට්ටුව වුණාට ප්‍රශ්නයක් නෑ. නමුත් මේ සටනෙ මුල සිටම සිටි සියලු පක්ෂවල අනන්‍යතාව හා ගෞරවය රැකෙන පරිදි ඒ සන්ධානය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ එහි මුල් පියවර තබනු ලැබුවා. ඊළඟ පියවර කරා අපි ගමන් කළ යුතුයි. ඒ සන්ධානය නීත්‍යානුකූලව පිහිටුවන්නේ නැතුව මහමැතිවරණයට තරග වැදීම සුදුසු නැති බවයි අපේ මතය.

ඉදිරි මහමැතිවරණයට වියත්මගේ 40ක් ඊට යොදවනවා කියනවා. අපේක්ෂකයන් නම් කිරීමේදී මේක ප්‍රශ්නයක් නෙවෙයිද?

වියත් මග කියන නමින් ආවත් නාවත් යම් වෘත්තිමය පසුබිමක් තිබෙන පුද්ගලයන් තුළ උනන්දුවක් ඇතිවී තිබෙනවා මේ මැතිවරණයට තරග වැදීමට. සැමදෙනාටම අවස්ථාව නැති වුණත් සැලකිය යුතු පිරිසකට අවස්ථාව ලැබෙයි. ඒ අතර වියත් මගේ හිටපු අය ඉන්නත් පුළුවන්. නොහිටපු අය ඉන්නත් පුළුවන්. රටේ මහජන නියෝජිතයො ප්‍රමිතිය බිඳලා තියෙනවා නම් එය වෙනස් කරන්න මහජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම වැදගත්.

එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ඔබ ඊට විරුද්ධ වෙනවාද?

ඔව්. එය අත්සන් කිරීමට ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ. නමුත් පසුගිය ආණ්ඩුව එහි මූලික ගිවිසුමකට බැඳිලා තියෙනවා. ඒ අනුව මෙයට ගිවිසුමකට බැඳිලා නැති තත්ත්වයේ තිබිය යුතු සෘජු ප්‍රතිචාරයක් දැක්වීමට හැකියාවක් නෑ. ඒ නිසා ආණ්ඩුව විද්වතුන් සතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට මාස 4ක කාලයකුත් ලබාදීලා තියෙනවා. එහි නිගමනය මත තමයි එම ගිවිසුම සමග ඉදිරියට යනවද ඉවත් වෙනවද කියන තීරණය කරන්නේ. පසුගිය ආණ්ඩුව හොර රහසේ මෙහි මුල් ගිවිසුමට ගියේ. අපි රටට අනාවරණය කළ ගිවිසුමට කලින් අප්‍රකාශිතව කලින් ආණ්ඩුව ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒකෙන් එළියට පැමිණිය යුතුයි. ඒ වගේම ආන්දෝලනයට තුඩු දුන් ගිවිසුම අත්සන් තැබීමට ජනාධිපතිවරණ සමයේ කැබිනට් අනුමැතිය ගත්තා. ඒ කැබිනට් තීන්දුව බල රහිත කරලා තමයි මේ කමිටුව පත් කළේ.



මේ වන විට පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්ව සිටි චම්පික රණවක අත්අඩංගුවට පත් වෙලා. එය දේශපාලන පලිගැනීමක් කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ?

මගේ බිරිඳව අත්අඩංගුවට ගත්තේ රෝහලට ඇවිත්. මාව මාස තුනක් බී වාර්තාවක් නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා. මේ වනතුරු නඩු පවරලා නෑ. දැන් අවුරුදු 4කට වැඩියි. එය දේශපාලන පලිගැනීම් කියලා නොපෙනෙන 3% ලාල් කාන්තලාට, පාඨලී චම්පිකගේ සිද්ධිය දේශපාලන පලිගැනීමක් ලෙස පේන්න පටන්ගෙන. එයාලා 3% වැටීමට හේතුවවත් තේරුම් ගෙන නැති බව තමයි දැන් පේන්නේ. ඕනම කෙනෙක් අතින් හදිසි අනතුරක් වෙන්න පුළුවන්. පාඨලීට තිබුණේ ඒ ළමයව රෝහලට ගෙනියලා සාමාන්‍ය මිනිසෙක් හැසිරෙන ආකාරයට වැඩ කරන්න. එහෙමනම් මේක මේ තරම් බරපතළ වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කුමන්ත්‍රණකාරී කතාවක් නිර්මාණය කරලා එයින් ගැලවුණා. මේ ආණ්ඩුව ඒ දෙමාපියන්ට හා දරුවන්ට යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ ඉල්ලීම අනුව. එතැන වරදක් නෑ. අපි පොලිස්පති, නීතිපති වෙනස් කළේ නෑ. හිටපු විනිශ්චයකාරවරුමයි ඉන්නේ. ඒ දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න. ඊට වගකිව යුත්තා ඇමැතිවරයෙක් වූ පමණින් එයින් නිදහස් වෙන්න බෑ.

නමුත් අනෙක් පාර්ශ්වය කියන්නේ වරදකරුවන් පිළිඳව නීතිය ක්‍රියාත්මක වීම තාජුඩීන් ඝාතනය දක්වාම මේ ගැම්මෙන්ම යා යුතු බව?

මම නම් කියන්නේ තාජුඩීන් විතරක් නෙවෙයි ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ මේ හැමදෙනා ගැනම තිබුණ පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතුයි කියලා. ප්‍රදීප් එක්නැළිගොඩ මරපු කෙනා හොයාගෙන යද්දි යන්න වෙන්නෙත් කොළඹ මැගසින් බන්ධනාගාරයට. ලසන්ත වික්‍රමතුංග මරපු කෙනා හොයාගෙන යන්න වෙන්නේ කැලණිය අසානය පැත්තට. නමුත් අපේ ආණ්ඩුව ආවේ ප්‍රවෘත්තිවලට බන්ධනාගාර බස් එකයි. අධිකරණයයි පෙන්වන්න විතරක් නෙවෙයි.

ඔබේ අමාත්‍යාංශ කලින් භාරව හිටියේ දූෂණ චෝදනා රැසක් තිබුණු රිෂාඩ් බදියුදීන්ට. ඒ සිද්ධි සම්බන්ධ දූෂණ මේ වන විට අනාවරණය වෙලා තියෙනවාද?

මේ අමාත්‍ය තනතුර අරගෙන මාසයක් ගෙවුණේ. රිෂාඩ්ට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයත් භාරව තිබුණ. ඒ අමාත්‍යාංශය සම්බන්ධ දූෂණ අපට වාර්තා වෙලා තියෙනවා. පුල්මුඩේ ඛණිජ වැලි නිධිය අමු අමුවේ කොල්ල කන්න දීලා ඒවගෙන් හම්බ කරපු ආකාරය හෙළිවෙලා තියෙනවා. අපි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා පසුගිය කාලෙ සිදුවූ සෑම ගනුදෙනුවක් සම්බන්ධවම වාර්තාවක් ලබාදෙන්න කියලා. රිෂාඩ්ගේ දූෂණ ගොඩක් වෙලා තියෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශයටත් වඩා වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා. ඔහුට අමාත්‍යාංශ තුනක් තිබුණා. එයින් කර්මාන්ත කියන කොටසේ විතරයි සොයන්න පුළුවන්කම තියෙන්නේ.

කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය හරහා තඹ කර්මාන්ත ශාලාවට තඹ ලබාදීම පිළිබඳව අනාවරණය වෙනවද?

කාර්මික සංවර්ධණ මණ්ඩලය ඊබ්‍රාහිම්ගේ තඹ කර්මාන්ත ශාලාවට ක්ෂේත්‍ර පරීක්ෂණයක් කරලා තඹ ප්‍රමාණයක් දෙන්න තීරණය කරනවා නීත්‍යානුකූලව. ඒ ප්‍රමාණයට වඩා සභාපතිවරයා අත්තනෝමතිකව ඊබ්‍රහිම්ට දීලා තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. රිෂාඩ් ඔහුට හිමිව තිබූ අමාත්‍යාංශ තුනම ඔවුන්ගේ අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. පත් කරලා තිබුණු සභාපතිවරුත් අතිශය අන්තවාදීව කටයුතු කරන අය. පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා තියෙනවා මේ අමාත්‍යාංශ තුනම.

කර්මාන්ත ක්ෂේත්‍රයේ උනන්තිය සඳහා ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?

මේ ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු කඩිනමින් විසඳුවොත් කර්මාන්තකරුවට පහසු වෙනවා. ඒක තනියම කර්මාන්ත අමාත්‍යාංශයට කරන්න බෑ. මේනිසා අපි ජනාධිපතිතුමාගේ අනුමැතිය මත කර්මාන්ත හා ව්‍යවසාය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් පිහිටුවූවා. එමගින් අපි කර්මාන්තකරුවට බලපාන ගැටලු එක මේසෙක කතා කරලා ඒ අවස්ථාවෙම තීරණ ගන්නවා. සිමෙන්ති, පිඟන් කර්මාන්තය මිනිරන් වගේ කර්මාන්ත කඩා වැටිලා තියෙනවා. ඒව පණ ගැන්වීමටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි ආනයනය කරන දේවල් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතෙන් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීටමත් සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද ජනාවාස තුළම කර්මාන්ත පවත්වාගෙන යාම අසීරුයි.

දේශීය කර්මාන්තකරුවන් අප රට තුළ කිසිදු නියාමනයකින් තොරව පරිසර හානි ඇති කරමින් කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව ඔබ ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නවද?

මෙය ආයෝජන මණ්ඩලයෙන් අධීක්ෂණය විය යුතුයි. පරිසර අමාත්‍යාංශයට සහ අධිකාරියටත් වගකීමක් තියෙනවා. පසුගිය අවුරුදු හතර හමාර තුළ ආයෝජන මණ්ඩලය එවැනි කර්මාන්තවලට ඉඩ දීලා තියෙනවා. ඊට පෙර නොදුන් ආකාරයට. අපි අධ්‍යයනය කරගෙන යනවා මේ කර්මාන්ත පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව.

ශිරන්තනි මානවඩු
– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදියුදීන්ගේ අමාත්‍යංශය පාස්කු ප‍්‍රහාරයේ තෝතැන්නක් වූ හැටි හෙලි වෙයි
බදියුදීන්ගේ අමාත්‍යංශය පාස්කු ප‍්‍රහාරයේ තෝතැන්නක් වූ හැටි හෙලි වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQm0QWy4h_Jenuz9PiccLntnaSKwEIepJ8rL60mkS39PXzfzKHacSpMCjuWufpdKLUFHoklC54qnoMTPoKPdTmMS0fuBdwCxeOAy27M6QykGQRIXaUQhBpEh4Wp2kIPZrtbmYt_0ET0BPS/s320/rishad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQm0QWy4h_Jenuz9PiccLntnaSKwEIepJ8rL60mkS39PXzfzKHacSpMCjuWufpdKLUFHoklC54qnoMTPoKPdTmMS0fuBdwCxeOAy27M6QykGQRIXaUQhBpEh4Wp2kIPZrtbmYt_0ET0BPS/s72-c/rishad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_330.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_330.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy