දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි - කථානායක
Homeප්‍රවෘත්ති

චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි - කථානායක

PropellerAds

ක ථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍ර...

පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!
''පෝලිම්වල සිදුවන මරණවලට මුදල් ඇමති වග කිව යුතු යි'' - උදය ගම්මන්පිල
ස්වභාධර්මයෙන්ම මාව ගෙදර යැව්වා… ඒත් මගේ පුංචි මල්ලි තවම ඉන්නවා - නවින් දිසානායක
ථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව ගරු කථානායකතුමන් විසින් සිය මතය ප්‍රකාශ කිරිමත්,
එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් අපගේ අවධානයට ලක්ව ඇත.

මෙම සිද්ධියේදී ගරු කථානායකතුමන් විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු විවාදයක් නොමැතිමුත් එහිදී නිසි ක්‍රිමවේදය අනුගමනය කළ යුතු බවයි.

මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී ගරු කථානායකතුමන් එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇත.

නමුත් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වු බැවිනි. ( මින් පෙර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන්ද උදාහරණ ලෙස දැක්විය හැකි අතර දැනටද අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද මේ වනවිට දින 50කට අධික කාලයක් බන්ධනාගාරයේ පසුවන නමුත් ඔවුන්ගේ සුවදුක් විමසීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් බන්ධනාගාරය වෙත ගොස් නොමැත.)

සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් ගරු කථානායකතුමන් සුරැකීමට උත්සාහ දරණුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු.

වර්තමානයේ මෙන්ම අනාගතයේද සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටුකිරිම එමඟින් සිදුවනු ඇත. කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට ගරු කථානායකතුමන් කිසිවිටකත් පසුබට නොවනු ඇත.

– කථානායක මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි - කථානායක
චම්පික බලන්න වැලිකඩ ගියේ ඔහුට අසාධාරණයක් වූ නිසා.. අත්අඩංගුවට ගැනීම සම්ප‍්‍රදායට විරුද්දයි - කථානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxF1dv9ecaIJm3NjQEb3n9RksvXhTxFmXf_M5ips7FrGrGc-846KCOkM4Wcak-p7us4Z8HXdZqjwQfgwTudoygm7PZRm5KEKc8xL5U_72SKzQ_4iabrGl0QowYPoVUAha1YgPw4zXHmm22/s320/karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxF1dv9ecaIJm3NjQEb3n9RksvXhTxFmXf_M5ips7FrGrGc-846KCOkM4Wcak-p7us4Z8HXdZqjwQfgwTudoygm7PZRm5KEKc8xL5U_72SKzQ_4iabrGl0QowYPoVUAha1YgPw4zXHmm22/s72-c/karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_249.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_249.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy