පැ හැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සරලන්තයට ගෙනයාමට ගිලන් ගුවන් යානා...
පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සරලන්තයට ගෙනයාමට ගිලන් ගුවන් යානාවක් එරට ගුවන් සූරිච් ගුවන්තොටුපලේ සූදානමින් ඇති බව වාර්තා වෙයි. කටුනායක ගුවන්තොටුපළට පැමිණ සඳහා මෙම යානයට පැය දහයක පමණ කාලයක් ගත වෙයි.
එම සේවිකාව එරටට ගෙන එන්නැයි ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම්වරිය විසින් කොළඹ තානාපති කාර්යාලයට උපදෙස් දී තිබේ.
නමුත් මෙම යානාවට කටුනායක ගුවන්තොටුපල පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ වනතෙක් අවසර දී නැත.
එමෙන්ම අදාළ සේවිකාවට ශ්‍රී ලංකාවෙන් පිටවීමට තහනමක් ද පනවා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් එකී සේවිකාව මේ වනතෙක් පොලිසියට කට උත්තරයක් දී නැත.
lankacnews

COMMENTS