කෘ ෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව දී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන...
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව දී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන බව එහි වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා අනාවරණ කර තිබේ. ඒ, පසුගිය සිව්වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමිනි.
අදාළ ප්‍රකාශය ඊයේ නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගෙන තිබේ.
අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ බෙදුම් නඩුවක් පවතින බවත් ඒ හේතුවෙන් එය ඉදිකිරීමට හිටපු නගරාධිපතිවරයාදී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන බවත් නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (20) පසුගිය සිව්වසරේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබිණි.
ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි.
දිසානායක මන්ත්‍රීවරයා මේවන විට කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණ ඇති බව මේ අතර වාර්තා වේ.
මීට පෙර දුමින්ද දිසානායක මහතා ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
කෘෂිකර්ම අමාත්‍යාංශ පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 21.6 ක මිලකට ලබාගෙන ඇති අතර එහි තක්සේරු කුලී මුදල රුපියල් මිලියන 13.5 ක් බව ද අනාවරණ විය.

COMMENTS