හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී. ...
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝගී තත්වය බරපතළ නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ ආරංචි පවසයි.
පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සකස් කරමින් සිටි ආර්.සම්බන්ධන් මහතාට විවේක ගන්නා ලෙසට ලැබී තිබූ උපදෙස් ප්‍රතික්ෂේප කර තිබූ බව සඳහන්.
විපක්ෂ නායකවරයා අද ඉන්දියාව බලා යාමට පිටත්ව තිබූ අතර මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ඒ සංචාරයද අවලංගු කර ඇත.
COMMENTS