පො ලොන්නරුව බැඳිවැව පාරෝ ලේක් හොටෙල් හි පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. 2019...
පොලොන්නරුව බැඳිවැව පාරෝ ලේක් හොටෙල් හි පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
2019 නොවැම්බර් 6 දින එරාන් වික්‍රමරත්න ඇමතිතුමා මැතිවරණ කොමිසමට හදිසි ලිපියක් යවනවා. එතුමාගේ මව්බස වන ඉංග්‍රිසි බසින් ඒ ලිපිය ලියා තිබෙන්නේ.
ඒක අපේ මව්බසට පෙරලා ගමු. ඒ ලිපියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි සතියේ දී බෝම්බයක් පිපිරවීමට සැලසුම් කරන බවට තමන්ට විශ්වාසනීය ප්‍රවෘත්තියක් ලැබුණු බැවින් වහාම ජාතික ආරක්ෂක සභාව කැඳවීමට එජාපය කටයුතු කළ යුතු බවට තමන්ට ට්විටර් පණිවිඩයක් ලැබුණු බවයි.
බෝම්බ පිපිරවීමක් සම්බන්ධයෙන් බැවින් හරි නම් එතුමා මේ ලිපිය යැවිය යුත්තේ පොලිස්පතිතුමාට මිස මැතිවරණ කොමිසමට නොවේ. ඒකෙන් පේන්නේ ජාතික ආරක්ෂාවට වඩා දේශපාලන වාසිය තමන්ට වැදගත් බව මන්ත්‍රිතුමා සිතන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ මාස ගණනාවක් අනතුරු ඇඟවීම් කරලා තිබිය දී කිසිම පියවරක් නොගෙන තමන්ගේ ජීවිත විතරක් බේරා ගන්න එදා පල්ලි නොගිය හරින් ප්‍රනාන්දු සහ එරාන් වික්‍රමරත්න වැනි ඇමතිවරු මෙදා පාර කඩිමුඩියේ ප්‍රතිචාර දක්වන්නේ ඇයි? මෙතැන බෝම්බ බියක් තිබෙන නිසා නොවේ. එහි වගකීම “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” ට පටවා තිබුණු නිසා. ජනාධිපතිවරණයේ තම ප්‍රතිවාදියාගේ පක්ෂය මේකට ගාවලා තිබෙන නිසා.
රණවිරුවන් මුදලට අරගෙන බොරු වීඩියෝ හදපු පාස්කු ප්‍රහාරය ගෝඨාභය මැතිතුමා මත පටවන්න බොරු වීඩියෝ හදපු එජාපය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සතියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න හදන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නේ. ඒ නිසා එජාපය විසින් බෝම්බයක් පුපුරුවලා ඒ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත පැටවීමේ වෑයමක් තිබෙනවා කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. එරාන් වික්‍රමරත්න අමාත්‍යතුමා පොලිසියට පැමිණිලි නොකළත් අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. මොකද පොදුජන පෙරමුණ බෝම්බ පිපිරවීමට සිටින කතාව පට්ටපල් බොරුවක් බව ඉතාම වගකීමෙන් දැඩිව අවධාරණය කරනවා.
සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක මුලින්ම සටහන් වෙන්නේ පණිවිඩය එවූ අයගේ ට්විටර් නාමයයි. නමුත් එරාන් ඇමතිතුමා සිතා මතා ඒක යටපත් කරලා තිබෙනවා. එතුමාට ලැබුණු පණිවිඩය විශ්වාසනීය නිසානෙ එතුමා ඒක මැතිවරණ කොමිසමට යොමු කරලා මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නේ. ප්‍රවෘත්තිය විශ්වාසනීය බවට ඒ පණිවිඩයේ සඳහන් වෙනවානෙ. එරාන් ඇමතිතුමාට තොරතුර ලබා දුන් පුද්ගලයාව එතුමා විසින් පොලිසියට හෙලි කළ යුතුයි. ඔහුට ලැබුණු තොරතුරු විශ්වාසනීය බැවින් මේ බෝම්බකරුවන්ව ඔහු දන්නවා. මේ බෝම්බ කතාව ඇත්තක් ද? බොරුවක් ද? ඇත්තක් නම් ඒ පිටුපස සිටින්නේ කවුද යනාදිය දැන ගත හැක්කේ එවිටයි.
එරාන් ඇමතිතුමා මේ තොරතුරු හෙලි නොකරනවා නම් ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරක් හෙලි නොකිරීම පිළිබඳ ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි.
– අරවින්ද අතුකෝරල

COMMENTS