මේ වන විට කාර්මික දෝශයක් හේතුවෙන් අක්‍රියව පවතින නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඉදිරි දින කිහිපය තුළ යථා තත්වයට පත්කි...
මේ වන විට කාර්මික දෝශයක් හේතුවෙන් අක්‍රියව පවතින නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඉදිරි දින කිහිපය තුළ යථා තත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
හුමාලය රැගෙන යන නළ පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් තුන්වන ජනන යන්ත්‍රයේ ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට පසුගියදා සිදුවුණි.
මේ වන විට අවස්ථා කිහිපයකදීම කාර්මික දෝෂ හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කටයුතු අඩපණ විය. කෙසේ වෙතත් මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ මෙම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් වන නිසා ඒ පිළිබඳ වඩා හොඳ අවධානයක් තිබිය යුතු බව ඇමතිවරයා සඳහන් කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS