දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
sajith and tna
Homeප්‍රවෘත්ති

sajith and tna

PropellerAds

දෙ මළ ජාතික සන්ධානය සහාය දෙන අපේක්‍ෂකයා ‘දෙමළ ජනතාවගේ කොන්දේසි 13’ ඉටු නොකළහොත් මාස 03කින් පාරට බසින බවට යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම...

හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට !
මාපලගම විද්‍යාතිලක පිරිවෙණෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කරයි
ලෝක කම්කරු දිනය අද : මැයි පෙළපාලි රැලි නෑ...පක්‍ෂ කීපයකින් සැමරුම් පමණක් !
දෙමළ ජාතික සන්ධානය සහාය දෙන අපේක්‍ෂකයා ‘දෙමළ ජනතාවගේ කොන්දේසි 13’ ඉටු නොකළහොත් මාස 03කින් පාරට බසින බවට යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සිදුකර ඇති ප්‍රකාශයෙන් ඉතා හොඳින් පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස මහතා ‘උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල ජනතාව හා බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කිරීම ඇතුඵ ඉහත කී අන්තවාදී ජාතිවාදී කොන්දේසි 13ට එකඟවී ඇති බව යැයි ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි.

පොළොන්නරුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කලේය.

“ගෝඨාභය රාජපක්‍ෂයන්ට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන තත්වයක් අපේ කඳවුර විසින් මේ වන විට උදා කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු පක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය, ඒ. ඒල්. එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය හා ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී පක්‍ෂය යන දේශපාලන සන්ධානය විසින් ගෙනයන ක්‍රියාන්විතය විසින් මෙම තත්වය නිර්මාණයකර තිබෙනවා. විවිධ සමීක්‍ෂණ මගින් හා විවිධ තොරතුරු මගින් ගෝඨාභය රාජපක්‍ෂයන්ට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව අපේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාට දැන ගැනීමට ලැබුණු විට ඔහු ඇතු`ඵ ඔහුගේ කඳවුර ඉතාමත් අසරණ වූ ප්‍රතික්‍රියාවන්ට තල්ලු වී තිබෙනවා.

‘16 වැනිදායින් පසු සජිත්ගේ ජනපති සිහිනයත් ඉවරයි’

සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා, නොවැම්බර් 16 වැනිදායින් පසු එයාගේ දැන් දකින ජනාධිපති සිහිනයත් ඉවර වන බව. ඒ නිසා තමයි කිසිදු ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු මෙතෙක් සිදු නොකරපු බොළඳ කටයුත්තක එයා නියැලුණේ. එහිදී ඔහු තමන් ජනාධිපති ධුරයට පත්වූවා කියලා හිතාගෙන ජාතික කොඩිය පිටුපස තියාගෙන ජාතිය ඇමතීමක් වැනි යමක් සිදු කළා. එය සම්ප්‍රදායට පටහැනි, නීතියට පටහැනි පහත්, බොළඳ ක්‍රියාවක් බව කිව යුතුයි. බලවත් හීනමානයකින් පෙළෙන තැනැත්තකුට තමයි මෙවැනි දෙයක් කළ හැක්කේ. මෙවැනි අසනීපයකින් පෙළන සජිත් ප්‍රේමදාස මහත්තයාට අපි අනුකම්පා කළ යුතුව තිබෙනවා.

‘හිස්බුල්ලාගේ මනාපය?’

අපේ ප්‍රතිවාදී කඳවුර දැන් ඉතා හොඳින් දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව. ඒ නිසා ඔවුන් ඒ ජයග්‍රහණය පලුදු කිරීම සඳහා දැනටමත් කුමන්ත්‍රණ ගණනාවක් සිදුකර තිබෙනවා. ජනතා සහාය නිසා අපට එවැනි කුමන්ත්‍රණ ජනතාව ඉදිරියේ තැබීමට හැකි වුණා. ඉන් එකක් තමයි, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ගෝඨාභය රාජපක්‍ෂයන් අතර දුරකථන සංවාදයක් ඇති වූ බවත් එහිදී හිස්බුල්ලා ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් පෙන්වීම. ඒ දුරකථන සංවාදය සහිත රූපරාමු සඳහා හිස්බුල්ලාගේ හැඩරුව ඇති පුද්ගලයෙකු මිල දී ගෙන තිබුණා, එජාප ජනාධිපති අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයෙන් ඒ මඩ කොන්ත්‍රාත්තුව ලබා දුන් දැන්වීම් ප්‍රචාරක ආයතනවල නම් ගම් සහිතව මේ බව ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා හෙළිදරව් කොට තිබුණා.

මේ නින්දිත මඩ ප්‍රහාරය හෙළි වුවත් එහි දිගුවක් ලෙස මේ අය උත්සාහ කරනවා, හිස්බුල්ලාට හොඳට සලකලා, ‘දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්‍ෂට දෙන්න’ කියා ඔහුගේ කටින් කියවා ගැනීමට. මෙහිදී අපි ඉතා පැහැදිලිව කියනවා, ‘අපි සහරාන්ලාට කිරි පොවපු කිසිදු දේශපාලනඥයකුගෙන් කිසිවිටක, කිසිදු සහායක් ලබාගන්නේ නැහැ’ කියා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, හිස්බුල්ලා හෝ වෙනත් සහරාන්ලාගේ අන්තවාදයට කිරි පෙවූ මුස්ලිම් දේශපාලනඥයකු යොදාගෙන ඔහු ලවා ගෝඨාභය රාජපක්‍ෂයන්ට දෙවන මනාපය හෝ ඡන්දය ලබා දෙන ලෙස කියන වීඩියෝපටයක් සංසරණය වුවහොත් ඊට නොරැවටෙන ලෙස.

‘ජාතිවාදී – බෙදුම්වාදී කොන්දේසි 13ට සජිත් එකඟ වෙලා’

අද පුවත්පත්වල වාර්තා වන අන්දමට යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා තිබෙනවා, ‘දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙන අපේක්‍ෂකයා කොන්දේසි 13 ඉටු නොකළහොත් මාස 03කින් ජනතාවත් සමඟ පාරට බහිනවා’ කියා. දෙමළ ජාතික සන්ධානය සහයෝගය දෙන අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාසයි. දෙමළ ජනතාවගේ කොන්දේසි 13 කියා ඔවුන් පවසන්නේ ප්‍රභාකරන් යුද්ධ කරලා දිනාගන්න හදපු ඊළමට පාර කැපෙන කොන්දේසි ටිකක්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘ඒකීය රාජ්‍ය සංකල්පය’ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි පිටපතෙහි ෆෙඩරල් පාලනයක් ගැනත් සඳහන්. ඒ වගේම සජිත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොතැනකවත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව කියන්නේ නැහැ. මේ සියල්ල දෙස බැලූවිට පෙනී යන්නේ ඉහත කොන්දේසි 13ට සජිත් එකඟවී ඇති බව, දෙමළ ජාතික සන්ධානය විසින් යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇති බවයි. ඒ නිසයි ඔවුන් මේ විදිහට ‘මාස තුනකින් අපේ කොන්දේසි ඉටු නොකළහොත් පාරට බහිනවා’ කියා කල් තියාම අවධාරණය කරන්නේ. දකුණේ ජනතාවට ඇහෙන්න දෙමළ ජාතික සන්ධානය සජිත්ට කොන්දේසි විරහිතව සහාය දෙනවා කිව්වාට, ඔවුන් උතුරේ ජනතාවට කියන්නේ තමන් සජිත්ට සහාය දෙන්නේ ඔහු තම කොන්දේසි 13ට එකඟ නිසා බවයි.

ඒ නිසා උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුර නැගෙනහිර පළාත්වලින් බෞද්ධ සිද්ධස්ථාන හා සිංහල ජනතාව ඉවත් කිරීම ආදී ජාතිවාදී, අන්තවාදී කොන්දේසි 13කට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇති බව තමයි යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ සිදුකර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ. ඒ නිසා මේ රටේ ඒකීයභාවයට පක්ෂපාතී, බෙදුම්වාදයට, අන්තවාදයට විරුද්ධ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ‘මේ රටේ ජාතික ආරක්‍ෂාව ඇතිව සාමකාමීව, සහජීවනයෙන් ජීවත්වීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂයන් දිනවන්න. ඒ වගේම තව සතියකින් ලැබෙන අන්ත පරාජයෙන් වියරු වැටී සිටින ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ මඩ ප්‍රහාරයන්ට නොරැවටෙන්න’ කියා.”

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද එක්විය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: sajith and tna
sajith and tna
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR9vCcBTYYE5Lb-O5ghJdHwa5uDiJaksk77PsjdMqgdQ267JToNoY8BEhNw9QkJm_LVJ3K9Bem1JneJR2Ai9i2JFnbSzoTmfYZCYqcsBsC7CnP5bq8VYoLPRKcuUL1oA63G-biLChHgb3Z/s320/TNA_Sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjR9vCcBTYYE5Lb-O5ghJdHwa5uDiJaksk77PsjdMqgdQ267JToNoY8BEhNw9QkJm_LVJ3K9Bem1JneJR2Ai9i2JFnbSzoTmfYZCYqcsBsC7CnP5bq8VYoLPRKcuUL1oA63G-biLChHgb3Z/s72-c/TNA_Sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/sajith-and-tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/sajith-and-tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy