ප සුගිය අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු මත නිසි ක්‍රියාමාර්ග නොගැනී...
පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු මත නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාව මත ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වර්තා වේ.
බෝම්බ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ පුද්ගලයින්ගේ ජිවිතවලට හා අලාභ හානි වූ දේපලවලට මුලික වශයෙන් වගකිව යුත්තේ මොවුන් දෙදෙනා බව සඳහන් කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පොලිස් ස්ථාන 06කට පැමිණිලි ඉදිරිපත්කර ඇත. පොලිස් සහන මැදිරිය, කොටහේන, කොල්ලුපිටිය, කොටුව, කටාන හා මඩකලපුව යන පොලිස් ස්ථානවලට මන්ත්‍රීවරයා එසේ පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ, 'පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි' ජනාධිපතිවරයා වෙත ඔහු විසින් යොමුකළ ලිපියෙහි පිටපතක් ද සහිතව ය.
ජනාධිපතිගේ චෝදනාව !
මේ අතර ඊයේ (30) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.
තමා විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව ලැබුන වහාම මිට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු එහිදී අවධාරණය කළේය.
හේමසිරි හා පුජිත කොමිසම ඉදිරියට :
මෙම බෝම්බ ප්‍රහාර මාළාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් ගණනාවක ගෙන් මේවනවිට ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
ජනාධිපතිවරයා විසින් පත්කර ඇති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ, විශ්‍රාමික පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්, හිටපු නිතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න පත්කර තිබේ.
කොමිසම ඉදිරියේ තම නිර්දෝෂී භාවයට කරුණු දක්වා ඇති හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පුජිත ජයසුන්දර මහතා ඊට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් හා රාජ්‍ය බුද්ධි සේවයෙන් මෙවැනි වාර්තා ලැබුන පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආකාරය ද සවිස්තරව පැහැදිලිකර ඇතැයි වාර්තාවේ. එසේම, බුද්ධි සේවාවන් තමන්ට එවැනි වාර්තා ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාට එවැනි වාර්තා ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදාය බවද ඔවුන් පෙන්වා දී ඇතැයි පැවසේ.
මෙම විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් ඉදිරියේදී පාර්ශව ගණනාවකින් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරනු ඇති අතර ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනයක් මෙම මස 25 වෙනිදා පුවත්පත් ඔස්සේ පළකර තිබිණ.
මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මෙම කොමිසමට තමන්ගේ ප්‍රකාශ හෝ අදහස් ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒ සඳහා ද අවස්ථාව සලසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
-srilankamirror

COMMENTS