දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය
Homeප්‍රවෘත්ති

නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය

PropellerAds

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමණෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද...

පාර්ලිමේන්තුවේ බිම පිරිසිදු කරන්න දැමූ රසායන ද්‍රව්‍යයක් නිසා ලිස්සන තත්ත්වයක් - මන්ත්‍රීවරයෙක් ඇතුලු 11ක් ලිස්සා වැටේ !
දඩයම් මන්දිරේ හිටපු සභාපතිනිය ජනාධිපතිවරණයට.. සොලිස්ටර් ජෙනරාල් ධුරයෙන් අස්වෙයි !
ගෝඨාභයට වඩා සුදුසුකම් මට තියෙනවා - හේෂා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමණෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගත්තා.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම ජයග්‍රාහණය බහුතර සිංහල ඡන්දවලින් ලබා ගැනීමට හැකි බව තමා මුල සිටම දැන සිටි බවයි. එහෙත් එම ජයග්‍රහණය සඳහා එක්වන ලෙස තමා දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ලා සිටි බවත් එය තමා අපේක්ෂා කළ මට්ටමට නොතිබුණු බවත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

එහෙත් දැන් එළඹ ඇත්තේ සියලු දෙනා එකතු වී රට සාර්ථකත්වය කරා රැගනෙ යන අවස්ථාව බවයි පෙන්වා දුන්නේ.

සිය ගමනේ අයෝමය ශක්තිය වුයේ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ බවත් මේ මොහොතේ තමා ඔහුට සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් පළ කරන බවද සඳහන් කළා.

එමෙන්ම සිය පක්ෂයට සියලු ආකාරයෙන් ශක්තියක් වූ සියලු නිලධාරීන්ට, සාමාජිකයන්ට, සහ පාක්ෂිකයන්ටද ස්තූතිය පිරිනමන බවයි සඳහන් කළේ.

ජාතියක් වශයෙන් එකතු වී රට ගොඩ ගැනීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට එකතු වෙන ලෙසත් රට වෙනුවෙන් තීරණ ගැනීමේදී තමා සතු විධායක බලතල භාවිතා කිරීමට කිසි විටෙකත් පසුබට නොවන බවත් සඳහන් කළා. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය
නව ජනපති ලෙස දිවුරුම් දුන් ගෝඨාභය ජනතාවට දුන් පණිවුඩය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYSqRwjUGejwfDErT2UwctMcmgulgzztDRwkme8WyhYEPEPh4am3pWqpeFQQVt2lzl4l5lhPaGGv-2sAx64yp5A3z-L3BOYRzoq8SCpUb4QdkLqj5uky-yC-OP-3BJ3RNHqIc6OQHC4YTn/s320/b7583e487722e8d6f33dc3369dee62b0e4202986.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYSqRwjUGejwfDErT2UwctMcmgulgzztDRwkme8WyhYEPEPh4am3pWqpeFQQVt2lzl4l5lhPaGGv-2sAx64yp5A3z-L3BOYRzoq8SCpUb4QdkLqj5uky-yC-OP-3BJ3RNHqIc6OQHC4YTn/s72-c/b7583e487722e8d6f33dc3369dee62b0e4202986.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_695.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_695.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy