ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරකාලයෙහි සමු ගැනීමට ඉතිරිව ඇත්තේ හරියටම...
ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරකාලයෙහි සමු ගැනීමට ඉතිරිව ඇත්තේ හරියටම තවත් සතියක කාලයකි.
එළැඹෙන 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පත්වන 07 වන විධායක ජනාධිපතිවරයාට අවස්ථාවදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ධූරයෙන් සමුගැනීමට නියමිතව තිබේ.
මේ සඳහා සමු ගැනීමේ උත්සවයක් මේ වනවිටත් ජනාධිපති කාර්යාලයේ සූදානම් කෙරෙමින් පවතින බවද වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට සිය කාර්ය මණ්ඩලය සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට සිය ස්තූතිය පළ කරමින් සිටින්නේ තම ධූරකාලය තුළ ඔවුන් දැක්වූ සහයෝගය වෙනුවෙනි.
ඊයේ දිනයේදී ජනාධිපතිවරයා නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දීද සියලු ත්‍රිවිධ හමුදා සහ ආරක්ෂක ප්‍රධානීන්ට තමනට ධුර කාලයේදී දක්වන ලද සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමට කටයුතු කරන ලදී.

COMMENTS