චම්පික රණවක මහතා මෙම අදහස් පළකළේ ඇල්ල දුම්රිය චතුරස්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මෙම ව්‍ය...
චම්පික රණවක මහතා මෙම අදහස් පළකළේ ඇල්ල දුම්රිය චතුරස්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 300 ක් වැයකර තිබේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'බොරු විරෝධතා නවත්තලා බෝඩ් ලෑලි දේශපාලනය නවත්තලා කසලවලට එරෙහි සටන අපි ගෙදරින් ආරම්භ කරමු. කසල අවම කරගනිමු. කසල ප්‍රතිචක්‍රීයකරණය කරගනිමු. කසල සම්පතක් කරගනිමු. නගර සභාවට, පළාත් සභාවට සහයෝගය දෙමු. ඒ වෙනුවෙන් කටයුතු කරමු.'
'පසුගිය ජූලි මාසෙ 5 වැනිදා ජනාධිපතිතුමා මට කතාකරලා කිව්ව අපේ කණ්ඩායම් රැස්වීමෙදි මේ කසල ප්‍රශ්නෙ විසඳන්න බැරිද කියලා. මං කිව්වා ඕක තැන් තැන්වල එක එක්කෙනාට දීලා හරියන්නෑ, හරියට වගකීමක් ඇතිව දෙනව නං අපි විසඳන්නම් කියලා. අපි හමුදාව දාලවත් පොලීසිය දාලවත් නෙවෙයි කසල ප්‍රශ්නය විධිමත් කළේ. දවස් තුනක් ඇතුලත කොළඹ නගරයේ ගොඩගැසී තිබූ කුණු කඳු ඉවත් කළා. හැබැයි කසල ප්‍රශ්නය ගැන කතාකරපු කිසි කෙනෙක් ඒ කරපු දේ ගැන කතාකළේ නෑ.'
'සමහරු කියනවා ඒ කාලෙ හමුදාව යොදවලා ටොෆි කොලයක්වත් වැටෙන්න දුන්නෑ කියලා. අපි ආරක්ෂක හමුදාව කසල අදින්න පාර අතුගාන්න යොදාගන්නෙ නෑ. ඒවාට යොදාගත්තෙ කසල එකතුකරන සේවකයන් පමණයි.'
COMMENTS